සමඟි ජන බලවේගයේ උප ලේකම් ධුරයෙන් ඩයනා ගමගේ මහත්මිය ඉවත් කර ඇතැයි එහි මහලේකම්, පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ තිබෙන ලේඛනයේ උප ලේකම් ධුරයේ ඩයනා ගමගේ මහත්මියගේ නම සඳහන්ව නැති බව ද හෙතෙම කීවේය.
රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඒ නිසා ඇය කළ අසත්‍ය ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන්නැයි ඉල්ලා සිටින බව ද හෙතෙම කීවේය.
කූට ලේඛන සකස් කරන අයකුගේ පක්ෂය ගැනීම සමඟි ජන බලවේගය කළ වැරැද්දක් බවත් බල්ලකු ගන්න පෙර ඌගේ ඉතිහාසය බලන නමුත් එම වැරැද්ද සිය පක්ෂය කළ බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.
අපි කූට ලේඛනයක් ඉදිරිපත් කරලා තිබෙනවා කියනවා. අපි පැහැදිලිව කියනවා එම ලේඛනය අපි ළඟ තිබෙනවා. මම රජයේ රස පරීක්ෂකගෙන්, ඒ වාගේ රහස් පොලිසියෙන් ඉල්ලනවා මෙහි අස්සන නැවත පරීක්ෂා කරන්න යැයි කීවේය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර





