Home Politics News Room : රටේ අවශ්‍යතාවය මත යම් නීති සංශෝධනය වන්නේ IMF බලපෑමකට...

News Room : රටේ අවශ්‍යතාවය මත යම් නීති සංශෝධනය වන්නේ IMF බලපෑමකට නොවේ -සමන් රත්නප්‍රිය

3
0

රටේ අවශ්‍යතාවය මත යම් යම් නීති සංශෝධනය කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමකට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ කොළඹදී ඊයේ (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සමන් රත්නප්‍රිය මහතා මෙසේද පැවසීය.

යල්පැන ගිය නීති අලුත් වියයුතුයි. අපේ රටේ රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශවලට වෙන වෙනම නීති පවතින නමුත් ඒවා වෙනස් විය යුතුයි. වසර 25ක පමණ කාලයක සිට මේ නීති සංශෝධනය විය යුතු බව මා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 24 වැනිදා ඉඳන් 27 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක යෙදුනා. ඒ නිල සංචාරයේදී ජපන් දේශපාලනඥයින් මුණ ගැසුනා. ඒ වගේම සිංගප්පූරු දේශපාලනඥයින් මුණ ගැසුනා. ඒ වගේම වියට්නාමයේ දේශපාලනඥයන් මුණ ගැසුනා. මේ මුණ ගැසීම්වලදී ජපන් අගමැතිවරයා, ඒ වගේම ජපානයේ හිටපු අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා, විදේශ ඇමැතිවරයා සහ ඩිජිටල් කටයුතු පිළිබඳ ඇමැතිවරයා මුණ ගැහිලා සාකච්ඡා කළා. ඒ වගේම සිංගප්පූරු නියෝජ්‍ය අගමැති හමු වෙලා සාකච්ඡා කළා. සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු ඇමැති හමු වෙලා සාකච්ඡා කළා. මේ සාකච්ඡාවල මූලික අරමුණ වුණේ රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමයි. දෙවැනි කාරණය වුණේ කලාපීය සබඳතා සාකච්ඡා කිරීම සහ කලාපීය සම්බන්ධතා වර්ධනය කර ගැනීමයි. ජාත්‍යන්තර කටයුතු අග්නිදිග ආසියාවට බලපාන්නේ කොහොමද යන කාරණා පිළිබඳව සාකච්ඡා කරන එකයි. ඒ නිසා තමයි ජපානය, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල් ගණනාවකම රාජ්‍යතාන්ත්‍රිකයෝ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ආසියාවේ අනාගතය සම්බන්ධ සමුළුවක් තිබුණා. ඒ සමුළුව ආමන්ත්‍රණය කරන්නත් ජනාධිපතිවරයාට නියමිතව තිබුණා. ඒ වගේම ජපන් ශ්‍රී ලංකා සහයෝගීතා කවුන්සිලය, ජපන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයත් ජනාධිපතිවරයා මුණ ගැහුනා. මේ සාකච්ඡාවේදී අවධානයට ලක් වුණු කාරණා විදියට රටට වැදගත් වුණ කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි අපි හැම කෙනෙක්ම දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලංකාවට ලැබීම කියන කාරණයත් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ගැටලුවක් මතු වුණා. චීනය ටිකක් කල් ගත්තා මේ කාරණයට එකඟ වෙන්න. ඉන්දියාව, ජපානය සහ අ‍ෙනකුත් මිත්‍ර රටවල් එකඟ වුණා. චීනයත් එකඟවෙලා විශේෂයෙන්ම ප්‍රංශයේ මිත්‍ර කණ්ඩායම් හරහා මේ එකඟතාවය හදාගෙන ජපානය මැදිහත් වීමෙන් තමයි මේක ඉදිරියට යමින් තියන්නෙ. ජපාන විදේශ ඇමැතිවරයා එක්ක මූලිකවම සාකච්ඡා කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණය ටිකක් ඉක්මනින් කරලා ඒක සාධනීය විදියට අවසන් කර ගන්න. සැලකිය යුතු ප්‍රතිඵල ගණනාවක් මීට අදාළව ලැබුණා කියන කාරණය තමයි අපිට වාර්තා වෙන්නේ.

 

නෙත්මි පූජනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here