Home Local News Room : පුද්ගලයො අපහසුතාවට පත්වෙන නියෝග ඉල්ලන්න එපා! නීතීඥ බෝපගේට රට...

News Room : පුද්ගලයො අපහසුතාවට පත්වෙන නියෝග ඉල්ලන්න එපා! නීතීඥ බෝපගේට රට යන තහනමක් ඉල්ලූ පොලිසියට කොටුව මහේස්ත්‍රාත් දැනුම් දෙයි!

5
0

අරගලය පැවති ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ  59 වන  සැකකරු ලෙස නම් කර සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

එමෙන්ම පුද්ගලයන් අපහසුතාවයට පත් කරන නියෝග නොඉල්ලන ලෙසත්, සැකකරු අධිකරණය මග හරියිකියා හැගෙයි නම් අවශ්‍ය නියෝග තමන්  ලබා දෙන බවත් ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ නීතිඥවරයාට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා 19 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද නියෝග කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here