Home Local News Room : බීපු ඩ්‍රැයිවර් කෙනෙක් ගෙය පේන මානයේදීම තාත්තාවයි පන්ති ගිය...

News Room : බීපු ඩ්‍රැයිවර් කෙනෙක් ගෙය පේන මානයේදීම තාත්තාවයි පන්ති ගිය දියණියවයි බිලිගනී! තව තත්පර 2ක් පරක්කු වුණා නම් ගෙදරට යන්නත් තිබුණා! (VIDEO)

5
0

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියා සහ දාහතර හැවිරිදි දියණියක මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මීරිගම පාර අංක 52 ලිපිනයේ පදිංචිව සිටි චන්දන නිශාන්ත 54 මහතා සහ නෙවින්දි දිල්ෂිකා 14 දැරියයි .

මියගිය දියණිය මීරිගම බණ්ඩාරනායක මහා විදුහල මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවා ගෙන යමින් සිටියදී පිටු පසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා යද්දී කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .

මෙම රියැදුරු බීමතින් සිටි බවටද මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

පියා සහ දියණිය අනතුරට පත්ව ඇත්තේ නිවස පේනතෙක් මානයේ දීමය. තත්පර දෙක තුනක කාලයක් පමණක් ගත වූයේ නම් ඔවුනට නිවසට යාමට පවා කල් වේලා තිබූ බව පොලිසිය සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here