ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ 2023 අයවැය බොරු සංඛ්‍යාලේඛනවලින් පිරුණු පුස්සක් බව එස්. එම් මරික්කාර් මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
ගිය අවුරුද්දේ සමස්ත ආදායම ඇස්තුමේන්තු කරල තිබුනෙ බිලියන 2284 කට. මේ අවුරුද්දේ 3415 ට. එතකොට පරතරය ගිය අවුරුද්දේ ඇස්තමේන්තු කරලා තිබුණේ බිලියන 1628. මේ අවුරුද්දේ බිලියන 2404. දැන් මේකෙ කරුණු දෙකක් තියෙනවා. බිලියන 2404ක අයවැය පරතරයක් පෙන්නනවා කියන්නේම ඒ බිලියන 2404 ණය ගන්න ලෑස්ති වෙනවා කියන එක. ඊට අමතරව මේ අය වැය පරතරය අපේක්ෂිත ආදායම ඒ ප්‍රමාණයෙන්ම ආවෙ නැත්නම් තව වැඩි වෙනවා . එතකොට බිලියන 2404 ටත් එහා පැත්තේ ණය ගන්න වෙනවා. මොකද හේතුව අපේක්ෂිත බදු ආදායම විතරක් මේකෙ රුපියල් බිලියන 550-600 අතර ප්‍රමාණයක්. නමුත් අපි දන්නවා අපේක්ෂිත බදු ආදායම ඒ ආකාරයෙන්ම එකතු කර ගැනීමේ යාන්ත්‍රණයක් මේ රට තුළ නැහැ. දැන් බදු ගහලා තියෙන ප්‍රතිශතයේ විදිහට බදු ගෙවන්න බැහැ. උදාහරණයක් විදිහට රුපියල් 3000/ බදු ගෙවන කෙනෙකුට 35000/- ගෙවන්න යෝජනා කරලා තියෙනවා.එයා 2018දී ගෙවලා තියෙන්නේ රුපියල් විසිදාහයි . ජීවන වියදම මේ තරම් ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවක එවැනි බදු ප්‍රතිශතයක් ගෙවන්න බැහැ. ඔවුන් අඩුවෙච්ච බදු ප්‍රතිශතය යම් වාසියක් ගත්තයි කිව්වට දැන් පොලී අනුපාත ඉහළ යෑම නිසා ඔවුන්ගේ නිවාස ණය වාරික ලීසිං වාරික බඩු මිල ඉහළ යෑමත් එක්ක ඒ අඩු වෙච්ච සහනය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දරාගන්න පුළුවන් මට්ටමේ බදු ආදායම් වැඩි කිරීමකට විතරයි අපි එකඟ වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් පරාජයට පත් කරනවා.
මේ ජනාධිපතිතුමා රට මෙහේ තරම් නන්නත්තාර වෙලා තියෙන වෙලාවක හොරකමින් වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් මෙච්චර වලපල්ලට ගිහිල්ලා තියෙන වෙලාවක, එතුමාගේ කථාවෙන් ඊයේ අහන්නට ලැබුණා දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් බිහි කරන්න බැහැ කියලා ගාමිණි වියන්ගොඩ මහත්මයා කිව්වා කියලා. මං එකේ යට කතා ටික කියන්න යන්නේ යන්නෙ නෑ හර්ෂ ද සිල්වා මැතිතුමා කියපු හින්දා. ඒක කියනකොට ඉස්සෙල්ලම බැලුවේ මහින්ද මහත්තයා. මේ පැත්තෙ ඉඳලා අපිට හිනා ගියා.2015 යහපාලන ආණ්ඩුවේ විජයදාස රාජපක්ෂ මැතිතුමා හිටියේ . යහපාලන ආණ්ඩුවට කෙල වෙන්නත් හේතුව ඕක ඔහොම හිතලා ඩීල් දාපු හින්දා. මොකද 2015දී අපි කිව්වේ හොරුන්ට මිනීමරුවන්ට දූෂිතයින්ට දඬුවම් දෙනවා කියලා.අද සමාජයේ කැරැල්ලක් විප්ලවයක් ඇවිල්ලා හිටපු ජනාධිපති තුමා ඉල්ලා අස් වුණේ නැහැ, පැනලා ගියා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ත්‍රිකුණාමලයේ ගිහිල්ලා හැංගිලා හිටියේ.බාසුරු මහත්තයට එයාර්පෝට් එකෙන් පිටරට යන්න හම්බ උනේ නෑ.එහෙම අරගලයක් ආවෙ.එතනදි මොකක්ද කිව්වේ හොරු හොරකම් කරපුවා අය කරගන්න. හොරුන්ට දඬුවම් දෙන්න කියලා. ඒක එහෙම තියෙද්දි ඒ අරගලය මතින් ආපු ජනාධිපති තුමා අයවැය ඉදිරිපත් කරද්දී දූෂිතයන්ට දඬුවම් දෙන්න බැහැ කියන එක මං හිතන්නේ හාස්‍යයට කරුණක්. මොකද මේ හොරකම් වෙන ප්‍රමාණයෙන් අපිට විශාල මුදල් නාස්තියක් ඉතුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. විජයදාස රාජපක්ෂ මැතිතුමා මට වැඩිය හොඳට දන්නවා , මේවට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ වලට යන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. දැන් ජනාධිපතිතුමාගේ අයවැය සම්පූර්ණ පුස්සක්.ඇත්ත වශයෙන්ම දිශානතිය හොඳයි. අපේ හිටපු නායකයා අපි දක්ෂිණාංශික ආර්ථිකය විශ්වාස කරන පිරිස.එතුමාගේ දිසානතිය හොඳ වුණාට ඒ තුළ බොරු සංඛ්‍යාලේඛන ටිකක් දාලා , කරන්න බැරි වැඩ ටිකක් දාලා කිසි දෙයක් අලුතින් ඉදිරිපත් කරලා නැහැ. උදාහරණ : ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය සදහා වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 200ක්. මිලියන 200කින් වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල හදන්නත් අමාරුයි අද තියෙන වියදම අනුව. එතකොට ඒකට අංගෝපාංග විද්‍යාගාර පහසුකම් මේ ටික ඔක්කොම දාලා කොහොමද මිලියන 200කින් වෛද්‍ය පීඨයක් හදන්නේ. එතකොට ඒක බොරුවක්.
අනිත් එක අවුරුද්දකට 175000ක් උසස් පෙළ සමත් වෙනවා සිසු සිසුවියන්.මේ අයගෙන් තිස්පන්දහක් හතළිස් දාහක් අතර ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට යනවා. මෙතනින් විශ්වවිද්‍යාලෙ නො යන තරුණ තරුණියන් වෙනුවෙන් කරන වැඩ පිළිවෙල මොකක්ද කියලා පැහැදිලි දෙයක් කියලා නෑ. තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ මිලියන 50ක් හරි හැටක් හරි.කරන්න පුලුවන්ද? අල්ලපු රටේ ඉන්දියාව තොරතුරු තාක්ෂණයෙන් අවුරුද්දකට ආදායම ඩොලර් බිලියන 130ක ට වැඩි.එතකොට අපි ඒ අලුත් වෙළඳපොළට ඇතුල් වෙන්න උවමනා නම් , අලුත් ආදායම් ඇති කරන්න වුවමනා නම්, කෝ ඒ උසස් පෙළින් හැර යන තරුණ තරුණියන්ව මේක තුළට ගන්නා වූ ක්‍රමය මොකක්ද? ඒ වෙනුවට ජනාධිපතිතුමා කියනවා උසස් පෙල පාස් වන ළමයි හැත්තෑපහකට පිටරට ශිෂ්‍යත්ව ලබා දෙනවා කියලා.එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා.
ඊගාවට ගංවතුර පාලනයට මිලියන පන්සීයයක් වෙන් කරලා. ඔබතුමා නියෝජනය කරන්නේ කඩුවෙල. මම නියෝජනය කරන්නේ කොලොන්නාව.2016 ගංවතුර වෙලාවේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විතරක් රුපියල් මිලියන 2300 ක් වන්දි දෙන්න වුණා. එතකොට ඒක අපරාධයක්. මොකද ඒක පාලනය කරන්න මුදල් යොදවලා පොම්පාගාර ටික හදලා තිබුණ නම් ඒ මුදල් ගෙවන්න වෙන්නේ නැහැ. ඒ ගංවතුරෙන් පස්සේ අපි මිලියන හාරදාහක් වියදම් කරලා කොලොන්නාවේ පොම්පාගාර හැදුවා. තව එක පොම්පාගාර යයි හදන්න තියෙන්නෙ. මං දන්නේ නෑ ඒක කරන්න මේ මිලියන 500 න් පුළුවන් වෙයිද කියලා. මොකද මිලියන 500ක් වෙන් කරලා තියෙන්නේ මුළු රටටම.
අනිත් පැත්තෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසූ පන්දාහක් මහපාරට ඇද දාලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව. ඔවුන්ව ණය ට ණය ගෙවා ගන්න බැරුව විශේෂයෙන්ම කෝවිඩ් අර්බුදය එක්ක ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටිලා, ආනයන තහනමත් එක්ක ඔවුන්ට බඩු ගෙන්ව ගන්න බැරුව හිටිය. ඔවුන්ට ණය ගෙවා ගන්න බැරුව හිටිය. අද වෙනකොට ඒ ණය නැවත ඉහළ පොලී අනුපාත වලට reschedule කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියන්නේ අපේ රටේ ප්‍රධානතම දායකත්වයක් ලබාදෙන කණ්ඩායමක්. ඔවුන්ට කිසිම ආකාරයක උත්තේජන පැකේජයක් ලබා දීලා නැහැ. ජනාධිපතිතුමාගේ ආර්ථික ක්‍රමය තුළ ආර්ථික අර්බුදයෙන් ඔබ්බට ගිහිල්ලා ඩොලර් අර්බුදයක් තියෙනවා. රටට ප්‍රධාන වශයෙන් ඩොලර් ගේන්නේ අපනයනකරුවන්. ඔවුන්ගේ අපනයන බද්ද 30% ට වැඩි කරල තියෙනවා. එතකොට ඩොලර් ගෙනෙයිද? අනිවාර්යෙන්ම ඩොලර් හංගනවා. ඒ වගේම මෙහෙම ප්‍රතිශතවල් දාපුවාම payee tax ගෙවන කට්ටියට ගෙවන්නත් අමාරුයි.එතකොට ව්‍යාපාර කරල බදුගෙවන අය බදු හංගනවා, හොරු බිහි කරන තත්ත්වයක් තමයි තියෙන්නේ.
ජනාධිපති තුමාගේ මේ අයවැයේ ජනතාව ගත්තු ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට මේ ණය reschedule කරන්න ක්‍රමයක්, කාලය දික් කරලා ඔවුන්ට ගෙවාගෙන යන්න හැකියාව ලබාදෙන , ඒ ණය නැවත බැංකුවට ලබාගන්න ක්‍රමයක් මේකෙ පෙන්නලා නැහැ. අද ත්‍රීවිල් රථ මහත්වරුන්ට මේ ලබාදෙන කෝටා එකයි තෙල්වලට යන වියදමයි එක්ක ඊයෙ තව බද්දක් එකතු කරලා තියෙනවා ඔවුන්ට ලීසිං ගෙවා ගන්න තියා දරුවන්ට කන්න දෙන්න වත් විදියක් නැතුව යන.
ඊළඟට එතුමා කතා කරනවා ඩොලර් බිලියන තුනකට වැඩි සෘජු විදේශ ආයෝජන. අද ලංකාවෙ තියෙන තත්වය මේ තියෙන හොර ගුහාව හොරකම් එක්ක කිසිදු ආයෝජකයෙක් ලංකාව දිහා හැරිලා බලන්නේ නැහැ. එතකොට අවුරුද්දකට ඩොලර් බිලියන තුනක ආදායමක් ගේනවා කියන එක නිකං මේ ඔක්කොම කියන්න පුළුවන්. සුන්දර කතා. දක්ෂිණාංශික ආර්ථික ක්‍රමය දකින නායකයෙක් ආවා කියලා ලෝකයේ රටවල් ඔක්කොම උස්සලා ගෙනල්ලා දෙන්නෙ නෑ. එතුමා ආවයින් පස්සේ ජාත්‍යන්තර අරමුදල සහ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉන්දියාවත් එක්ක එකතුවෙලා අද වෙනකම් ඔය කොච්චර කිව්වත් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් වෙලා නැහැ. අඩුම වශයෙන් staff level agreement එකකටවත් එන්න හම්බ වෙලා නැහැ. මට හිතුනා ඊයේ ඉදිරිපත් කරපු අයවැය ඇමරිකාව බේස් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලියලා දුන්න අයවැයක් ද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕන සාකච්ඡා කරන්න ඕන ණය ප්රතිව්යුහගත කරන්න ඕන.දාන කොන්දේසි අපේ භූමියට අපේ මහපොළොවට ගැලපෙන පරිදි හදාගන්න ඕනෑ .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන්නේ අපේ ණය ගෙවීමේ හැකියාව කුමක්ද කියලා.එතකොට ඔවුන් යෝජනා ඉදිරිපත් කරනවා බදු වැඩි කරන්න, කරන්ට් බිල වැඩි කරන්න, අරක වැඩි කරන්න මේක වැඩි කරන්න කියලා. රාජ්‍ය ආදායම වැඩි කිරිමේ එක ක්‍රමයක් පමණයි බදු වැඩි කිරීම කියන්නේ. එහෙම නැතුව සම්පූර්ණ ආදායම බදුවලින් වැඩි කරන්න හදනවා නං කෝ ආර්ථික ඔස්තාර්ලා. කෝ ආර්ථික දැනුම?
අපේ රටට ක්ෂණික මුදල් ඉපයීමේ ක්‍රමයක් තමයි සංචාරක ක්‍රමය.සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ අයවැය තුළ සාධනීය පියවරක් අරන් තියනවද? හැමෝම කතා කරනවා අපේ පොළොවේ පිහිටීම ලෝක සිතියම තුළ අපේ පිහිටීම අපිට තියෙන ස්වාභාවික ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්න .;අද wildlife tourism එක දියුණු කරන්න එකම පියවරක් වත් අරං නැහැ. ලෝකයේ ඕන තරම් රටවල් වල හැම රටකම පාහේ වන සම්පත ඔවුන් ඩොලර් ලබා ගැනීමේ ක්‍රමයක් බවට පත් කරගෙන තියෙනවා. අපිට වනෝද්‍යයාන තියෙනවා උද්භිද උද්‍යාන තියෙනවා. සත්වෝද්‍යාන තියෙනවා. මේවා සංවිධානාත්මකව ආදායම් උපයන උනන තැනක් බවට පත් කරලා තියෙනවද? අපි ඒ පිළිබඳව පිරිස පුහුණු කරලා තියෙනවද? ඩොලර් ලැබෙන ප්‍රධාන ක්‍රම 4න් එකක් වන සංචාරක කර්මාන්තය පිළිබඳව අවධාන යොමු නොකිරීම කනගාටුවට කාරණයක්.
ලෝකයේ දියුණු වෙන අලුත් වෙළඳපොළක් තමයි medical tourism කියන්නේ. ඒ ගැන වචනයක්වත් සඳහන් කරලා නැහැ. අපි දන්නවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කොච්චර පාඩු වුණත් එකේ වැඩිපුරම ගමන් කරන මගින් ලංකාවෙ අය නෙමෙයි දකුණු ඉන්දියාවේ අය. medical tourism එක බංගලාදේශය ඉන්දියාව මාලදිවයින ඉලක්ක කරලා පුළුල් වෙළඳපොලක් තියෙන තැනක් , මේක ටච් කරන්න කිසිම උත්සාහයක් නොගැනීම කනගාටුවට කාරණයක්.
ඊගාවට අධ්‍යාපනයත් හොඳ වෙළඳ පොළක්. බලය අල්ල ගන්න බැරි එක එක බොරු පක්ෂවලට බයේ අපි තීරණ ගන්න බය වෙන්න ඕන නැහැ. ජනාධිපතිතුමා යෝජනා කළා පාඩු ලබන ආයතන ප්රතිව්යුහගත කරන්න. ඉතින් ප්රතිව්යුහගත කරන්න අප සහයෝගය ලබා දෙනවා. මේ 3% කල්ලියට බය වෙන්න ඕන නැහැ ඒකට. ඒත් පාඩු ලබන ආයතන එකක්වත් ප්‍රතිව්‍යුහගත කරන්නේ යෝජනා කරලා නැහැ. ලාභ ලබන ආයතන තමයි යෝජනා කරලා තියෙන්නේ. insurance corporation එක අසීමිත ලාභයක් ලබනවා.ටෙලිකොම් එක අසීමිත ලාභයක් ලබනවා.එතකොට මේක ඩීල් එකක් ද? ඇයි පාඩු ලබන ආයතන ප්රතිව්යුහගත කරන්න කතා කරන්නේ නැත්තෙ. කලින් කිව්වා වගේ ඒ ලෙවල් විභාග පාස්වෙලා විශ්වවිද්‍යාල නොයන 130,000 ට ආසන්න තරුණ පිරිසක් ඉන්නවා. මෙයයි රැකියා වෙළඳපොලට ඇතුලත් කරන්න අධ්‍යාපන වෙළඳපොළට ඇතුලත් කරන්න ඕන. ඒකට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕන. මොකද විශ්ව විද්‍යාල වලට නොයන නොයන අය ගෙන් ඉතාම සුළු පිරිසක් සහ ජාත්‍යන්තර පාසල් වලට යන ලන්ඩන් ඒ ලෙවල් ලියන අය ඔවුන් උසස් අධ්‍යාපනය සඳහා පිටරට යනකොට අවුරුද්දකට ඩොලර් බිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් ගෙනියනවා .මේක නවත්තන්න වගෙම කලාපය හොඳ වෙළඳ පොළක් ඇතුලත් කරන්න නම් අපි අධ්‍යාපන වෙළඳපොළට ඇතුළත් විය යුතුය.තවදුරටත් තේ පොල් රබර් වලින් අපට අපිට ජීවත් වෙන්න බැහැ. ඒ කාලේ ප්‍රේමදාස මහතා අපනයනය සඳහා ඇඟලුම් කර්මාන්ත ශාලා හදනකොට සුද්දන්ට යට ඇඳුම් මහන්න හදනවා කියලා කිව්වා.අද ඩොලර් බිලියන 14 කට ආසන්න වාර්ෂික ආදායමක් එන්නේ ඒ ඇඟලුම් අපනයනයෙන් .ඒ ටික නැත්නම් මේ තියෙන බෙහෙත් ටික වත් නෑ සීනිත් නෑ පරිප්පුත් නෑ . ලෝකේ අලුත් වෙලෙද පොලවල් වලට අපි ඇතුල්වෙලා අලුතෙන් ආදායම් උපයන මාර්ග වලට ඇතුලත් වෙන්න ඕන කියන එක කියන්න ඕන.
ජනාධිපතිතුමා මේ තෙල් ටැංකි ගැන සඳහන් කළා. තෙල් ටැංකි කතාවට එකඟ නැති උනත් එක කෑල්ලක් එක්ක මං එකඟ වෙනවා. අපේ මානව සම්පත රටේ ජාතික සම්පතක්. මානව සම්පත විතරක් නෙමේ අපේ භෞතික සම්පත් අපේ රටේ ප්‍රයෝජනයට ගත යුතුයි. අපේ රටේ භෞතික සම්පත් ප්‍රයෝජනයට ගන්න අවම වශයෙන් ප්‍රවේශයක් හෝ ගන්න අලුත් තාක්ෂණයත් එක්ක මේ භෞතික සම්පත් දියුණු කරලා අලුත් ආදායම් උපයන ක්‍රම හොයන්න එතුමාට වුවමනාවක් තියෙන පාටක් පේන්න නැහැ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාවට නො දුන්නහම දිරනවා තමයි. ඒ පිළිබඳව කම්පා වෙලා වැඩක් නැහැ. ඒකට භෞතික සම්පත් වලට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. ඇල දොල ගංගා තියෙනවා කියලා කෘෂිකර්මාන්තය තියෙනවා කියලා වැඩක් නැහැ. වහිනවා කියලා වැව් තියනවා කියල වැඩක් නැහැ. මේවා ප්‍රයෝජනයට අරගෙන අලුත් ආදායමක් හොයන්න එතුමා කල්පනා නොකරන එක ගැන අපිට කනගාටුවක් තියෙනවා. ඒ ආර්ථික දර්ශනයත් එක්ක තමයි අපි යන්නේ. අපි විශ්වාස කළා මේ turn එක ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම අයවැයක් නං අපිට සහයෝගය දෙන්න පුළුවන්. මොකද 22 සම්මත කරන්නත් එක්සත් ජාතික පක්ෂයට කඩේ යන සමහර අය facebook එකේ කියන්න පටන් ගත්තා රනිල් වික්‍රමසිංහ , බැසිල් රාජපක්ෂට දුන්නලු ගේම පොහොට්ටුවේ කට්ටියවම දාලා. එතුමා දන්නෙත් නෑ ඔබ සම්මත වෙනකන් අපි විපක්ෂයේ අසූ ගාණක් ඡන්දෙ දීලා තමයි ඕක සම්මත උනේ.
අයවැය කතා දිහා බලන් ඉන්නකොට ආණ්ඩු පක්ෂයේ සමහර අය කතා කරන ඒවා දිහා බලපුහාම මූලාසනය මන්ත්‍රීතුමනි අපිට අධෝමුඛයෙන් හිනා යන්නේ. මොකද එතුමන්ලා ම තමයි කෑගැහුවේ අවුරුදු 5ක් තිස්සේ මහ බැංකුව කඩපු එකා ආර්ථිකය විනාශ කරපු එකා ආර්ථිකය ඝාතනය කරපු එකා කියලා. අද ඇත්තටම පොඩි සතුටකුත් දැනෙනවා අවුරුදු ගාණක් අපි පෙනී හිටපු ප්‍රතිපත්ති වෙනුවෙන්, අවුරුදු ගානක් අපිට දැඩි ලෙස විරෝධය පාපු අය පෙනී ඉන්න පෙළඹවීම ගැන. හැබැයි ඔවුන් අද පෙනී ඉන්නේ පුස්සක් වෙනුවෙන්.
අවසාන වශයෙන් කියන්න ඕන අපනයනයට දාලා තියෙන බදු 10%-15% ට අඩු කලේ නැත්නම්, ඔවුන්ව දිරිමත් කිරීමක් වෙන්නේ නැහැ. ඔවුන් ඩොලර් ලංකාව ඇතුලට ගේන්නේ නැහැ ඒ නිසා ඒක සංශෝධනය කළ යුතුයි. ජනාධිපතිතුමා කියනවා පුද්ගලික අංශයේ රැකියා නැති වෙනවාලු. උඩින් AWPL එක 31% ට දාලා යටින් තව 30%ක ටැක්ස් එකක් දාලා. තව සියයට පනස් එකක් තියෙනවා ඔවුන් මැද operational expense එක අඩු කරනවා. එතකොට රැකියා නැති වෙනවා තමයි. ඔවුන් ට මාස තුනක රක්ෂණාවරණයක් දීලා තියෙනවා. එතකොට මාස තුනෙන් පස්සේ කන්නේ මොනවද. Payee tax එකයි අපනයන ටැක්ස් එකයි අඩු කෙරුවෙ නැත්නම් අපි මේ අයවැය පරාජයට පත් කරනවා. එතකොට අපේක්ෂිත ආදායම ගේන්ඩ වෙන් නෑ. අපේක්ෂිත ආදායම නොගෙන ආවොත් මේ අය වැය පුස්සක් වෙනවා .මේ රට මේ තියන තත්ත්වයෙන් ගොඩ එන්න ප්‍රායෝගික සංශෝධන අයවැයට ගේන්න කියන එක ඉල්ලා සිටිමින් අවසාන වශයෙන් කියනවා අපේ හිටපු ඇමතිතුමෙක් කියනවා ඡන්ද ඉල්ලන්න එපා ලු. ජන මතයට ඉඩ දෙන්න.imf එකේ සල්ලි ඕන්නං මැන්ඩේට් එකට ඉඩ දෙන්න. ප්‍රාදේශීය සභා ඡන්ද තියන්ඩ කෝ පාර්ලිමේන්තු ඡන්දය ඕන්නෑ. ප්‍රාදේශිය සභාව due. ඡන්ද තියලා පෙන්නන්න කොහෙද කාටද පිළිගැනීම තියෙන්නෙ කියලා පෙන්නන්න ජනතාවට අවස්ථාව ලබා දෙන්න කියලා මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි






