දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය, පැය 24 පුරාම ක්රියාත්මක ක්ෂණික දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබේ.
ඒ අනුව ළමුන්ට තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් 1929 අංකයට ඉදිරිපත් කළ හැකි බවත් කාන්තාවන්ට 1938 යන අංකයට දැනුම්දිය හැකි බවත් එම අධිකාරිය පවසයි.
මෙම දුරකථ අංක දෙක පැය 24 පුරාම ක්රියාත්මක යැයි ළමා ආරක්ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය පැවසුවද ඒ සඳහා ඇමතුම් ලබාදිය හැක්කේ රාජකාරි දිනයන්හි පෙරවරු 8.30 සිට පස්වරු 5.15 දක්වා පමණකැයි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්ය අමාත්යංශය පවසයි.
ළමුන් පිළිබඳ පැමිණිළි සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම ඉදිරිපත් කළ හැකි බවද එම අමාත්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.






