Home Local News Room : කිසිම බලපෑමකට යටත් වෙන්නේ නෑ! පළාත් පාලන ඡන්දය තියනවා!...

News Room : කිසිම බලපෑමකට යටත් වෙන්නේ නෑ! පළාත් පාලන ඡන්දය තියනවා! මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පක්ෂ නායකයන්ට ප්‍රතිඥාවක්!

4
0

කිසිදු බලපෑමකට යටත් නොවී නියමිත වෙලාවට පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අද (15) ප්‍රතිඥාවක් ලබාදී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ සහ කණ්ඩායම් 16ක නායකයන් මැතිවරණ කොමිසමට ගොස් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී පුංචිහේවා මහතා මෙම ප්‍රතිඥාව ලබාදී ඇත.

ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා සිදුකරන කිසිදු බලපෑමකට යටත් නොවන ලෙස කොමිසමෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අදාළ ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් සිදුකළ ලිඛිත ඉල්ලීම සහිත ලිපිය සාකච්ඡාව අවසානයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත භාරදුන්නේය.

මැතිවරණ කොමිසමට නියමිත පරිදි මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් කිසිදු බාධාවක් ඇති නොවන පරිදි තමන් කටයුතු කරන බවට අද හමුවූ පක්ෂ නායකයන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත පොරොන්දුවක්ද ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here