Home Local News Room : කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි...

News Room : කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !

0
0

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වැනි ජන්ම දිනය අද (15) සමරනු ලැබීය.

කොළඹ අගරදගුරු නිල නිවෙසේ උදෑසන පැවැති ජන්මදින සැමරුමට කොළඹ පදවි සහායක රදගුරු හිමිපාණන්ලා සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාද සහභාගි වී සිටියහ.

75 වැනි විය සපිරීමත් සමග අගරදගරුතුමන් එම පදවියෙන් ඉවත්වීම සම්ප්‍රදායක් වන අතර, ඊට අදාළ ලිපිය පාප්වහන්සේ වෙත යොමුකිරීමට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, පාප්වහන්සේගේ ප්‍රතිචාර ලැබෙන තුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අගරදගුරු පදවියේ දිගටම කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here