Home Local News Room : රටේ ණය කන්ද තව්තිසාව ලඟටම ගෙනියයි – Lanka Truth...

News Room : රටේ ණය කන්ද තව්තිසාව ලඟටම ගෙනියයි – Lanka Truth | සිංහල

3
0

රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද 2023 වර්ෂයට අදාළ අයවැය ඇස්තමේන්තු අනුව ලබන වසරේ සමස්ත ණය ගැනීම් රුපියල් කෝටි 497,900ක් වන බව දැක්වේ.

ඇස්තමේන්තු කර තිබෙන මුලු ආදායම් සහ අනෙකුත් ලැබීම් රුපියල් කෝටි 345,600ක් ලෙස දැක්වේ. ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 442,500ක් වැය වෙන බව ඇස්තමේන්තු කර ඇත. මෙම ඇස්තමේන්තු අනුව ණය පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 240,000ක් වැය වේ.

ගෝඨාභය රාජපක්ෂ බලය අත්හැර පලායාමට පෙර ජූනි මාසය අවසන් වෙනවිට රටේ සමස්ත ණය බර මාස 06ක් තුළ කෝටි ලක්ෂ 7කින් පමණ ඉහළ දමා තිබිණි. මෙම වසර වෙනුවෙන් රජය ලබා ගෙන තිබෙන සමස්ත ණය ප්‍රමාණය මෙතෙක් හෙළිවී නැති අතර ලබන වර්ශය වෙනුවෙන් කෝටි ලක්ෂ 05ක් ලබා ගැනීමේ ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here