ශේෂ පත්‍ර ශක්තිමත් කිරීම යනුවෙන් හඳුන්වන ලද උපක්‍රමය ඔස්සේ රාජ්‍ය ආයතන 04ක සම්පූර්ණ ණය බර මහා භාණ්ඩාගාරයට පවරාගෙන විකුණා දැමීමේ සැලසුම අය වැය කතාවෙන් අනාවරණය වේ.
විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ණය මධ්‍යම රජය වෙත පවරා ගැනීමට සැරසේ. එම ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂය ඉක්මවා ඇති බව (රුපියල් ට්‍රිලියනයක් – 1,000,000,000,000/-) රජයේ නිල සංඛ්‍යා ලේඛණවල සඳහන් වී තිබිණි.
චීන එක්සිම් බැංකුව ඇතුළු විදේශ වානිජ වෙළඳ ආයතනවලින් ගිනි පොලී ණය මෙන්ම දේශීය වශයෙන් ලබා ගත් ණය ද මේ ආකාරයෙන් මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට යෝජනා කර තිබේ. ජාතික ජන බලවේගය මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී කරුණු හෙළිකර තිබිණි. එම ණය රජයට පවරාගෙන අදාළ ආයතන විකුණා දැමීමට සැලසුම් කර ඇති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා හෙළිකර තිබිණි.






