පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් ඇති බව පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරනය වී තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මේ බව අනාවරණය කරමින් වැඩිදුරටත් සඳහන් කලේ 2019 – 2021 වර්ෂ වලදී දිස්ත්‍රික්කය තුල මෙම ළමා මන්දපෝෂණ තත්වය අඩු තත්වයක පැවතියද වර්තමාණය වන විට එම තත්ත්වය සියයට 15 – 20 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වර්තමාන සංඛ්‍යා දත්ත මේ ලෙස දැක්වූවද 2019 වන විටද විශාල ළමා මන්දපොෂණයක් තිබුණු බව නිළ සංඛා ලේකණ වලින් හෙලිවී තිබේ. මේ වන විට පවතින විවිදාකාරයේ ආර්තික පීඩනය හමුවේ මෙම තත්වය තවත් බිහිසුණු වී ඇති බව ජාත්‍යන්තර නිරීක්ෂන ආයතන පවා පෙන්වා දී තිබේ.