Home Local News Room : ඇඟලුම් අපනයන ආදායමත් නට්ටංවීමේ අනතුරක් – Lanka Truth |...

News Room : ඇඟලුම් අපනයන ආදායමත් නට්ටංවීමේ අනතුරක් – Lanka Truth | සිංහල

0
0

කොරෝනා වසංගත සමයේ පවා ආරක්ෂා වී තිබුණු ඇඟලුම් අපනයන කර්මාන්තය රනිල් වික්‍රමසිංහගේ බදු ගැසීම් සහ තවත් විවිධ ආර්ථික ප්‍රතිපත්ති හමුවේ සම්පූර්ණ බිඳ වැටීමේ අනතුරක් හටගෙන තිබේ.

ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකයන් සහ විශ්ලේෂකයන් මේ සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීම් කර තිබේ. මේ වනවිට පනවා තිබෙන අපනයන ඉපයීම් බද්ද සහ ඇඟලුම් ආනයන මත බදු ඇතුළු බදු පැනවීම් මෙන්ම ඉන්ධන සහ විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහල දැමීමෙන් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරඟ කළ නොහැකි තරමට පිරිවැය ඉහල ගොස් තිබේ.

මෙම තත්වය හමුවේ ඇගලුම් අපනයන ආදායම පසුගිය වසරට වඩා 35%කින් පමණ පහළ යාමේ අනතුරක් නිර්මාණය වී ඇත. මේ වසරේ මුල් මාස 9 තුළ ඩොලර් මිලියන 4,563ක් එයින් උපයා ඇති අතර එය 1/3කින් බිඳ වැටුණ හොත් එම කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටීමේ අනතුරක් ඇති බව අපනයන කර්මාන්තයේ විශ්ලේෂකයෝ පෙන්වාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here