Home Local News Room : මුලින්ම අරලිය ගහ මැදුරේ! ඊළඟට කිංස්බරියේ! දැන් පාර්ලිමේන්තුවේ! අයවැය...

News Room : මුලින්ම අරලිය ගහ මැදුරේ! ඊළඟට කිංස්බරියේ! දැන් පාර්ලිමේන්තුවේ! අයවැය ටී පාටිය වෙනුවට රනිල් ආණ්ඩු පක්ෂයටම දෙන්න ගිය ග්‍රෑන්ඩ් ඩිනර් එක ‘මව්රට’ හෙළිදරව්වෙන් පසු කැන්සල්!

1
0

කිංස්බරි හෝටලයේ ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් සියල්ලන්ටම දීමට සැලසුම් කර තිබූූ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහය අවසන් මොහොතේ අවලංගු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.

අයවැය ඉදිරිපත් කිරීම අවසානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනු ලබන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය වියදම් අවම කිරීම සදහා යැයි කියමින් අවලංගු කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබූ අතර පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් අරලිය ගහමැදුරේ අයවැය සම්බන්ධයෙන් වැඩමුලුවක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කොට තිබිණ.

කෙසේවෙතත් පසුව එය මධුවිත සමග සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස කිංස්බරි හෝටලවේ අද සවස පැවැත්වීමට සැලසුම් කොට තිබිණ.

නමුත් මේ බව අප මව්රට වෙබ් අඩවිය ඔස්සේ රටට හෙළිදරව් කිරීමෙන් පසු කිංස්බරි හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කොට අද සවස 3.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අයවැය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීඹට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here