Home Local News Room : යාල ඇතුළේ නීති විරෝධී විදිහට ගිහින් පිස්සු නටපු ඇමැති...

News Room : යාල ඇතුළේ නීති විරෝධී විදිහට ගිහින් පිස්සු නටපු ඇමැති ඥාති පුතාලාගේ සුපිරි වාහන 7ක් නිදහස් කරන්න දිසා විනිසුරු බෑ කියයි!

2
0

යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධී අයුරින් සංචාරය කොට වන ජීවීන්ට හානි කළැයි  අධිකරණය බාරයේ  ඇති අති සුඛෝපභෝගී වාහන 7 මුදා හරින ලෙසට වාහන හිමිකරුවන් ගොනු කළ මෝසම තිස්සමහාරාම මහෙස්ත්‍රාත් සහ දිසාවිනිසුරු තරිඳු සමීර සිල්වා මහතා  ප්‍රතික්ෂේප කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දස දෙනකුට එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හල මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ⁣ලබන දෙසැම්බර් මස 09 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

අධි සුඛෝපභෝගී වාහන 35කින් 80 ක පමණ පිරිසක් ඉකුත් 22 දා  යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවී නීතිවිරෝධී අයුරින් සහ වන ජීවීන්ට හානි වන ආකාරයෙන් සංචාරය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග වනජීවී නිලධාරීන් විමර්ශන කටයුතු අරඹා ඉකුත් 26 වැනිදා වාහන 07 ක් සහ සැකකරුවන් 10 දෙනකු තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here