උද්ඝෝෂණයක් අතරතුරදී උසස් පොලිස් නිලධාරියකු කාන්තා පොලිස් නිලධාරිනියකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සිය දැඩි විරෝධය පළ කොට තිබේ.
හෙතෙම එහිදී දිනක් තුළ පොලිසිය අවස්ථා 3කදී නීතිය ඉක්මවා කටයුතු කොට ඇති බව සදහන් කොට තිබේ.
එක් සිදුවීමක් වන්නේ මෙම උසස් පොලිස් නිලධාරියාගේ හැසිරීමය.
දෙවැන්න වන්නේ විරෝධතා පුවරු අතැතිව ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමය.
තුන්වැන්න වන්නේ හැදුනුම්පත නොමැතිව ගමන්ගත් අයකු අත්අඩංගුවට ගැනීමය.
මෙය ලැජ්ජා සහගත බව සාලිය පීරිස් මහතා සදහන් කරයි.






