Home Local News Room : රහත් හාමුදුරුවරු ආවා! නාගලෝකෙන් නයි අරන් හාමුදුරුවරු ආවා! පේන...

News Room : රහත් හාමුදුරුවරු ආවා! නාගලෝකෙන් නයි අරන් හාමුදුරුවරු ආවා! පේන කියන හාමුදුරුවරු ආවා! දැන් දියසෙන් හාමුදුරුවොත් ඇවිත්! මගුල් බෙර සක් නද මැද හිමිනමක් දියසෙන් ඔටුන්න පැළඳ ගනී! (VIDEO)

0
0

භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ.

ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක සිට එම භික්ෂූන් වහන්සේ විසින් පලදාගෙන ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සාධුකාර හඬ සහ මගුල් බෙර වාදනය මැදයි.

එම විශේෂ ආසනය පිටුපස ‘දියසෙන් ධර්ම රාජ්‍ය’ ලෙස සදහනන් පුවරුවක්ද දක්නට විය.

එම භික්ෂූන් වහන්සේ දියසෙන් කුමරු ලෙස කුරුළ පලදිද්දී ආසන්නයේ සිටි පුද්ගලයකු ගාථා ස්වරූපයෙන් පවසන්නේ මෙසේ පිහිටුවන්නේ දියසෙන් න්‍යෂ්ඨික බලය හා දියසෙන් ආර්ථික ශක්තිය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here