Home Local News Room : තිළිණි ප්‍රියමාලිගේ හඬ පටවලින් ඥානසාර හාමුදුරුවොත් මතු වෙලා! CID...

News Room : තිළිණි ප්‍රියමාලිගේ හඬ පටවලින් ඥානසාර හාමුදුරුවොත් මතු වෙලා! CID එක ඥානසාර හාමුදුරුවන්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි!

3
0

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානය සංවිධානයේ මහලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඥාණසාර හිමියන්ගෙන් සිද්ධියට අදාළව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර කරගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී හඬ පට කිහිපයක ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් උන්වහන්සේ කෙළවා ප්‍රකාශ සටහන් කරගත් ගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here