කාන්තාවන් දෙදෙනෙකු අද(12) කළුතරින් විරෝධතා පාගමනක් ආරම්භ කළේය.
ඒ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමිනි.
එම කාන්තාවන් දෙදෙනා පාගමනින් පැමිණියත් කළුතර පාළම අසලදී පොලීසියෙන් ඊට බාධා එල්ල විය.






