Home Local News Room : මුදලිගේගේ මානව හිමිකම් නඩුවට දේශබන්දුගේ නම ඇතුළත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය...

News Room : මුදලිගේගේ මානව හිමිකම් නඩුවට දේශබන්දුගේ නම ඇතුළත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි!

0
0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සාක්‍ෂි නොමැතිව අත් අඩංගුවට ගෙන සිටින රැඳවියාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බැවින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හත්වැනි වගඋත්තරකරු ලෙස නම් කිරීමට වසන්ත මුදලිගේ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

ප්‍රමාණවත්ය සාක්ෂි නොමැතිව ත්‍රස්තවාදයට සම්බන්ධ බව කියන වසන්ත මුදලිගේ මහතා රඳවා ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිපියක් යවා ඇති බව සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා විසින් නියමිත ක්‍රියාපටිපාටිය කඩ කරමින් පොලිස්පතිවරයා හරහා නොගොස් මෙම ලිපිය එවා ඇති බවද වැඩිදුරටත් අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here