Home Local News Room : වසන්ත-සිරිධම්ම හිමි සිරකිරීම කිසිසේත්ම පිළිගන්න බෑ! පාස්කු විමර්ශන ජනතාව...

News Room : වසන්ත-සිරිධම්ම හිමි සිරකිරීම කිසිසේත්ම පිළිගන්න බෑ! පාස්කු විමර්ශන ජනතාව මුලාකරන නාට්‍යයක්! ජනාධිපති කොමිසමේ ‌වෙළුම් ටික කෝ? කාදිනල් හිමියන් යළි සටන අරඹයි! විශේෂ නිවේදනයක් නිකුත් කරයි! (VIDEO)

0
0

පවතින රජය මගින් කෙරෙන කුරිරු මර්දනය මේ වනවිට දරාසිටිය නොහැකි තරමටම වර්ධනය වී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

ඒ හේතුවෙන් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාකාරී වන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමියන් පෙන්වා දෙයි. 

කාදිනල් හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ සිදුවී ඇති සහ දැනටමත් සිදුවෙමින් ඇති දූෂණ වංචාවන්ට එරෙහිව කතාකරන, සාමකාමීව විරෝධතා දක්වන, විරෝධතා පාගමන් සංවිධානය කරන, සමාජ සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී නායකයින්ට සහ ජනතාවට එරෙහිව මර්දනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවය.

වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග යටතේ, චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව මේ වනවිට දින 75ක් අසාධාරණ ලෙස රඳවා තබාගෙන සිටීම පිළිගත නොහැකි බවද කාදිනල් හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් අය නිදොස්කොට නිදහස් කරමින් ගෙනයන වැඩපිළිවෙල ජනතාව මුලාකරන නාටකයක් පමණක් බවට හැඟීයන බවත් පෙන්වා දෙයි.

ජනාධිපති කොමිෂන් සභාවේ ඇතැම් වෙළුම් ජනතාවට ලබානොදී සඟවා තබාගැනීමට කටයුතු කිරීම පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය වසන් කිරීමේ කූඨ ප්‍රයත්නයේ තවත් පැතිකඩක් බවද ඉන් සඳහන් කරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here