සමහරු අපිත් එක්ක එකට හිට ගන්න බැරියැයි කියන බවත් විපක්ෂයේ ඉඳගෙනත් කෝටි ප්‍රකෝටි ගණනින් මේ රටේ සෞඛ්‍ය පද්ධතියට හුස්ම වැඩසටහන අරගෙන යන තමන් එක්ක ඒ අයට හිට ගන්න බැරි එක සාධාරණ බවත්, විපක්ෂයේ ඉඳගෙනත් මේ රටේ දුවා දරුවන්ට දුවාදරුවන්ට සක්වල හරහා අප්‍රමාණ සේවයක් කරන තමන් එක්ක හිටගන්න ඒ අයට බැරි එක සාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
“ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව වැඩ කරනකොට, කොන්දේසි විරහිතව ඒකට විරුද්ධව පාරට බහින අපිත් එක්ක හිට ගන්න සමහරුන්ට බැරි එක සාධාරණයි.
පුරවැසි අරගලය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අද වෙනතුරු අරගලය වෙනුවෙන් සාමකාමීව කෙලින් හිට ගත්ත අපි එක්ක හිටගන්න ඒ අයට බැරි එක සාධාරණයි.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,අරගලයක් කරන්න කොතනද අපිට ආරාධනා කළොත් අපි ඒ වෙනුවෙන් හිට ගන්නවාමයි.”යනුවෙන් ද විපක්ෂ නායකතුමා පැවසීය.
සමගි ජන බලවේගයේ කලාවැව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඊයේ(05) විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
රටේ ජනගහණයෙන් මිලියන 5.7 කට ,ඒ කියන්නේ 26% කට මානූෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය පවසන බවත් ජනගහනයෙන් 96% ක් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති බවත් ඔවුන් කියන බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ,උහුලගන්න බැරි කුසගින්න නිසා දරුවක් පන්ති කාමරවල කලන්තේ හැදිලා වැටෙන අතර දරුවන් සහ අම්මලා වේගයෙන් මන්දපෝෂණයට ගොදුරු වෙන බවත් පැවසීය.
රටට කන්න දුන්න ගොවිජනතාව පාළු වෙච්ච කුඹුරු දිහා බලාගෙන සුසුම් හෙළන අතර රටේ තරුණ පරම්පරාව විරැකියා පෝලිමට එකතුවන බවත් කීය.
ඒ අතරේ, කීප දෙනෙක්ගේ වාරුවෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය නැගිටින්න හදන වවත්,ජනාධිපතිවරයා බොහොම පරෙස්සමට ඒ චූදිත කල්ලියට ඔක්සිජන් දෙන බවත් පැවසීය.
රාජ්‍ය මර්දනයයි රාජ්‍ය ත්‍රස්තවාදය යි රටපුරා හොල්මන් කරන අතර ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනකොට ආණ්ඩුව සහ ආණ්ඩුව ආරක්ෂා කරන්නට ඉන්න අය කලබල වෙන එක පුදුමයක් නැතැයිද කීය.













