Home Local News Room : ගුරුවරියකගේ පර්ස් එක නැතිවුණ සිද්ධියකට සිසුන් තිදෙනකුට පොලිසියෙන් බැටන්...

News Room : ගුරුවරියකගේ පර්ස් එක නැතිවුණ සිද්ධියකට සිසුන් තිදෙනකුට පොලිසියෙන් බැටන් පොලුවලින් ගහලා! එක සිසුවෙක්ට කරන්ට් එකත් අල්ලලා! ළමාරක්ෂකයෙන් වහාම පරීක්ෂණයක්! ගහපු කතා බොරු! බය කළා විතරයි! පොලිසිය කියයි!

1
0

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුවන් තිදෙනකුට බැටන් පොලුවලින් පහරදීම හා අමානුෂික වධහිංසාවන්ට ලක් කළ බව කියන මිල්ලනිය පොලිසියේ නිලධාරීන් කීපදෙනකු සහ පාසලේ ගුරුවරුන් කීපදෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

මෙම පහරදීමට ලක්වූ දරුවන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයිද සභාපතිවරයා කීය.

පහරකෑමට ලක්වූ දරුවන්ගේ දෙමාපියන් කරන ලද පැමිණිල්ලකට අනුව තමා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් විමර්ශන සිදු කිරීමට මිල්ලනිය ප්‍රදේශයට යවා ඇතැයිද හේ සඳහන් කළේය.

සිද්ධිය සැකෙවින් මෙසේය

පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අස්ථානගතවී තිබේ. පාසලේ පුස්තකාල කාමරයේ සිසුන් 12 දෙනකු රඳවා තබාගෙන සිට ඇත. එහිදී විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් කීප දෙනකු විසින් දරුවන් දණ ගස්වා දඬුවම් කර ඇත. පසුව විදුහල්පතිනිය සිද්ධිය පොලිසියට ද දැනුම් දී තිබේ. ඒ අනුව පොලිසිය පාසලට පැමිණ ඇත. එහිදී දරුවන් තිදෙනකුට බැටන් පොලුවලින් මුහුණට හා ශරීරයට පහරදී ඇති බවත් පසුව එම දරුවන් ජීප් රථයට නංවාගෙන පොලිසිය කරා ගමන් කරද්දී එක දරුවකුට වයරයකින් විදුලි සර වැදීමට සැලැස්වූ බවට එම දරුවන් සිය අධිකාරියේ නිලධාරීන්හට ප්‍රකාශ කර ඇතැයිද සභාපතිවරයා කීය.

මේ සම්බන්ධව අධිකාරිය දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඒ මහතා කීය.

දරුවන්ට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් හා පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.

එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. ඒ. ජී. එම්. විජේතුංග මහතාගෙන් විසූ විට මෙසේ කියා සිටියේය.

‘පොලිසියට එල්ල කරන චෝදනා සියල්ලක්ම ප්‍රතික්‍ෂේප කරනවා. දරුවන්ට කිසිම පහරදීමක් පොලිසිය පැත්තෙන් සිදුවෙලා නැහැ. දරුවන්ව බය කිරීමක් පමණයි කළේ. මටත් දරුවෝ ඉන්නවා. ඔය කරන්ට් එක ඇල්ලුවා, බැටන් පොලුවලින් දරුවන්ට ගැහුවා කියන කතා බොරු.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here