Home Local News Room : ධනුෂ්ක ඔස්ට්‍රේලියානු තරුණියට කිහිප වතාවක් පහරදීලා! චෝදනා බරපතළයි! ඔස්ට්‍රේලියානු...

News Room : ධනුෂ්ක ඔස්ට්‍රේලියානු තරුණියට කිහිප වතාවක් පහරදීලා! චෝදනා බරපතළයි! ඔස්ට්‍රේලියානු පොලිසියෙන් ප්‍රකාශයක්!

1
0

ලිංගික අපචාර චෝදනාවට ලක්ව සිඩ්නි හී අත්අඩංගුවේ පසුවන ධනුෂ්ක ගුණතිලක හමුවීම සඳහා දින කිහිපයකට පෙර අදාළ තරුණිය විසින් ඔහුට දන්වා ඇති බවත්, ඇය හමුවීමට යමෙකු පැමිණි බව දැන සිටි පොදු ස්ථානයක දී අවට සිටි පුද්ගලයින් සමඟ හමු වූ බවත් සිඩ්නි පොලිසිය පවසනවා.

31 හැවිරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා බදාදා සවස ඔවුන් පෞද්ගලිකව හමුවීමට පෙර, දින කිහිපයක් අදාළ App එක හරහා සහ පෙළ, හඬ සහ වීඩියෝ කතාබහ කර ඇති බවයි අනාවරණය වන්නේ.

“පෙර සූදානම් කළ රැස්වීමක දී මේ දෙදෙනා සිඩ්නි නගරයේ දී මුණගැසුණු අතර, ඔවුන් මත්පැන් පානය කර තරුණියගේ නිවසට යාමට පෙර යමක් කෑමට ගියා. පසුව ඇයගේ නිවසේ ඔවුන් දෙදෙනා සිටින විට මෙම පුද්ගලයා තරුණියට කිහිප වතාවක්ම පහර දුන් බවට චෝදනා කරනවා. චෝදනා එල්ල වූ පහරදීම පැය කිහිපයක් පුරා සිදු වූ බව කියන්නේ.

මෙම කාරණයට සම්බන්ධ තරුණිය ඇය ආරක්ෂිත බව සහතික කිරීමට බොහෝ පියවර ගත් බවයි කියන්නේ” සිඩ්නි පොලිසියේ ලිංගික අපරාධ අංශයේ අණදෙන නිලධාරි, රහස් පරීක්ෂිකා ජේන් ඩොහර්ටි වාර්තාකරුවන්ට පවසා ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු හෙට වේවර්ලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිසියේ අදහස වන්නේ ඇප දීම දිගටම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටීම බව ඩොහර්ටි පවසනවා. ඩොහර්ටි කියන්නේ ලිංගික අතවර ඉතා බරපතල වරදක් බවයි.

“ලිංගික ප්‍රචණ්ඩත්වය කෙතරම් බරපතලද යන්න අධිකරණය වටහාගෙන තියෙනවා. තමන් ලිංගික ක්‍රියාවක නියැලෙනවාද නැද්ද යන්න සෑම විටම පුද්ගලයෙකුගේ තේරීම විය යුතු බව පෙන්වන එකඟතා නීති අප සතුයි. ඒවා මෙම වසර මුලදී ආරම්භ වූවක්.

“මෙවැනි චෝදනාවක් සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය බව අපි දන්නවා. මිනිසුන් ඉදිරියට පැමිණ ඔවුන්ගේ කථා පැවසීම ඉතා භයානකයි. ඒත් ඒක පටන් ගන්නෙ එහෙමයි” යනුවෙන් රහස් පරීක්ෂිකා ජේන් ඩොහර්ටි පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here