ෆයිසර් එන්නත් මිලියන 6ක් පමණ මෙම සතියේ කල් ඉකුත් වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.4ක පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වේ.
කොරෝනා රෝගයට පළමු වටයේ සයිනොෆාම් ලබා දුන්නද බූස්ටර් එන්නත වහයෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගැණින.
දෙවන බූස්ටර් එන්නත ලෙස ලබා දුන්නේද ෆයිසර් එන්නතය.
මෙම එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මිලදීගෙන තිබුණේ ඩොලර් 6-7ත් අතර මිලකටය.
නමුත් බූස්ටර් එන්නත ලබා ගැනීමට බොහෝ පිරිස් කටයුතු නොකිරීම හේතු කොටගෙන එන්නත් අතිරික්තයක් ඇතිවී තිබිණ.






