ෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් හේතුවෙන් ගුණතිලක ව අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ බවය.
ඔහුව හෙට (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.
එසේම එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත්වේල්ස් පොලීසිය සඳහන් කළේ, 29 හැවිරිදි කාන්තාවක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් ගැන කරුණු සොයා බැලීමෙන් අනතුරුව 31 හැවිරිදි අයෙක් ව අත්අඩංගුවට ගත් බවය.
සැකකරු ඩේටින් ඇප් එකක් හරහා ඇය හා අදහස් හුවමාරුකර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.






