Home Local News Room : ලොකු රවුමක් ගසා රමේශ් යලි පොහොට්ටුවට.. ඔහුට අළුත් තනතුරු...

News Room : ලොකු රවුමක් ගසා රමේශ් යලි පොහොට්ටුවට.. ඔහුට අළුත් තනතුරු දෙකක්..

0
0

 

ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ  රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්විය. මෙහිදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් අද දින (22) පත්වීමේ ලිපිය ලබාගත්තේය.

ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.තවද රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත් කර ඇත.

රමේශ් පතිරණ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පල කලේය.අද දින රමේශ් පතිරණ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද මෙසේ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here