Home Local News Room : අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙනෙන්නේ අපට ඕනෑ වෙලාවටයි…

News Room : අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙනෙන්නේ අපට ඕනෑ වෙලාවටයි…

0
0

 

අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රි­යට එරෙ­හිව පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට සැල­සුම් කර ඇති විශ්වා­ස­භංග යෝජ­නාව අනි­වා­ර්ය­යෙන්ම ඉදි­රි­පත් කරන බවත්, ඒ සඳහා විප­ක්ෂයේ සියලු කණ්ඩා­යම් එකතු කර­ගන්නා බවත් සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පව­සයි.

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී අධ්‍යා­පන ඇමැ­ති­ව­රිය ලෙස අග­මැ­ති­ව­රිය විශ්වා­සය කඩ කර ඇති බව පෙන්වා දෙන මහ ලේක­ම්ව­රයා, අව­ධා­ර­ණය කරන්නේ විශ්වාස භංගය ඉදි­රි­පත් කරන්නේ විප­ක්ෂ­යට අවශ්‍ය වේලා­වට බවයි. 

එය සුදුසු වේලා­වට ඉදි­රි­පත් කරන බවත්, විප­ක්ෂය ඒ සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කර­මින් සිටින බවත් පැවසූ මහ ලේක­ම්ව­රයා, එක් කොට­සක් ඉවත් කර­ගත් පම­ණින් තම පිය­වර පසු­ප­සට නොගන්නා බවද සඳ­හන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here