Home World News Room : පාකිස්තානයේ භූකම්පනයක්

News Room : පාකිස්තානයේ භූකම්පනයක්

0
0

පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ඊයේ පස්වරුවේ භූකම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ පස්වරුවේ 4.00ට පමණ එම ප්‍රාන්තයේ ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේදී භූකම්පනය සිදුවී ඇති අතර, එය රිච්ටර් මාපකයේ 4.2ක අගයක් සටහන් කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන භූ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ මේ භූකම්පනය සති පහක් ඇතුළත එරට සිදුවූ තුන්වැනි භූකම්පනය බවය. කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ භූ කම්පනයට පැය කිහිපයකට පෙර මධ්‍යහ්න 12.35ට පමණ ඇෆ්ගනිස්තානයේදී රිච්ටර් මාපකයේ එම අගයකින්ම යුතු තවත් භූකම්පනයක් සිදුවී ඇති අතර, භූකම්පන ද්විත්වයෙන් සිදුවූ හානි පිළිබඳ ඊයේ පස්වරුව වනවිටත් තොරතුරු වාර්තා නොවූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

The post පාකිස්තානයේ භූකම්පනයක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here