Home Politics News Room : අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදී ඇතැම්...

News Room : අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදී ඇතැම් පිරිස් ගැහෙනවා

0
0

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට යන අවස්ථාවේදී ඇතැම් පිරිස් ජෙනරේටරයක් උඩ නැංගා වගේ ගැහෙන්න පටන් ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට මම ගියේ 1987 වසරේදී. මම බස් එකෙන් බැහැලා පයින් ගියේ. තව මහත්තයෙක් සී නයින්ටියකින් ආවා. හැබැයි ආවාට පස්සේ දැන් මේ ගෙවුණු කාලය තුළ ඒ මහත්තයා කොහොම ද මේ දේපොළ ටික අත්පත් කර ගත්තේ කියා බැලුවොත්, අන්න ඒ පනතේ පළමුවැනි වැඩය විදියට එය කර ගත හැකි නම් මේ පනතට යුක්තිය ඉටු වෙයි කියලා මම විශ්වාස කරනවා. භාවිතාවෙන් මේ පනත බල ගන්වන්න කියලා ඇතැම් අය ප්‍රකාශ කළා. පසුගිය දිනක මහින්ද ජයසිංහ ඇමැතිතුමා ගම්පහ මිහිදු අරණ පත්තිරුව මම ළඟ තිබෙනවා. 2013 පෙර එහි අයිතිකාරිය වන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here