Home Politics News Room : ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල සිට වැඩිපුර තෙල් ගැනීම බොරු...

News Room : ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල සිට වැඩිපුර තෙල් ගැනීම බොරු වැඩක්

4
0

 

ඉන්ධන හිඟයක් නොමැති නිසා පෝලිම්වල සිට තමන්ගේ වාහනයට වැඩිපුර තෙල් ගැනීම තේරුමක් නැති දෙයක් බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (01) පැවසීය.

මේ වනවිට තෙල් ලීටර මිලියන 19ක් ඇණවුම් කර ඇති බවත් බෙදුම්කරුවන් විසින් සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිපුර ප්‍රමාණයක් ඇණවුම් කර ඇති නිසා තෙල් හිඟයක් කිසිසේත් ඇති නොවන බවත් ඇමැතිවරයා පැවසුවේය.

ඉන්ධන පිරවුම්හල් අසල ඇති වී තිබෙන පෝලිම් පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක මහත්වරුන් වාචිකව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සාමාන්‍ය දවසක උදේ හතෙන් පසුව ඇණවුම් භාර නොගන්නා බවත් ඉන්ධන සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව නිසා ජනතාව වැඩියෙන් තෙල් මිල දී ගැනීම හේතුවෙන් අද දවස පුරාම ඇණවුම් භාර ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. පෙරේදා (01) සවස් වනවිට මේ පිළිබඳ තක්සේරු කර, සාමාන්‍ය ලෙස ඉරිදාට ඇණවුම් භාර නොගත්තත්, ඉන්ධන පිළිබඳ කිසියම් ගැටලුවක් වෙතොත් ඉරිදාත් ඇණවුම් භාර ගැනීමට පියවර ගන්නා බව දත් ඇමැතිවරයා පැවසුවේය.

තෙල් හිඟයක් ඇතිවේ යැයි ජනතාව අතර අනවශ්‍ය කලබලයක් ඇති කර නොගත යුතු බව ද ඇමැතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here