9
නීති ආධාර කොමිෂන් සභා ජාලය රට පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමට වත්මන් ආණ්ඩුව යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී (01) පැවසුවාය.
බිබිල, කයිට්ස්, ආණමඩුව, වලපනේ, ගම්පොළ, රුවන්වැල්ල අධිකරණවල නීති ආධාර මධ්‍යස්ථාන පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.
“නීති ආධාර කොමිෂන් සභාව මෙරට ස්ථාපිත කර තිබෙනවා. එය අද වන විට කාර්යාල 77ක් ලෙස රට පුරා සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. නීති ආධාරයක් මනුෂ්‍යයකුට මෙමඟින් ලබාගත හැකියි. නීති ආධාර කොමිෂන් සභාවේ රාජකාරි කළ යුතු සේවක සංඛ්‍යාව 360ක් වුණත් අද වන විට සේවයේ සිටින්නේ 267යි. 93ක පුරප්පාඩු තිබෙනවා. එසේම ඉතාම සීමිත ඉඩකඩක තමයි මේ නීති ආධාර කොමිෂන් සභාව යටතේ තිබෙන ශාඛා පවත්වාගෙන යන්නේ. දුප්පත්කම, නූගත්කම, සමාජ අසමානතාව නිසා රටක සිදු වන අපරාධ සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකය රජයේ සේවකයන්ට ලබාදීමට අපි කටයුතු කළා. ඇතැම් සේවකයන් සිටිනවා සුපිරි අවන්හල්වල සේවය කරන. නමුත් ඔවුන්ගේ දරුවන්ට ඒ සුපිරි අවන්හලෙන් කෑම වේලක් තමන්ගේ දරුවාට අරගෙන දීමට නොහැකියි. එවිට ඇතැම් විට ඔවුන් වෙනත් අනීතික ක්‍රියාවන්ට යොමු වීමක් සිදු විය හැකියි.”






