පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් රටම කැළඹූ මහා පරිමාණ මූල්‍ය වංචාකරුවෙකු සහ ඝාතන සැකකරුවෙකු වන 43 හැවිරිදි චම්පික ශ්‍රියාන් ජයසුන්දරගේ පෞද්ගලික ජීවිතය සහ ඔහුගේ විවාහයන් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. වල්කැලේ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සමාජය ඉදිරියේ තමන් පේරාදෙණිය ප්‍රදේශයේ විශාල තේ වතු සහ හෝටල් හිමි, අලි ඇතුන් පවා සිටින ප්‍රභූ වලව් පැලැන්තියකින් පැවත එන්නෙකු බව පවසමින් ඉතා සුඛෝපභෝගී ජීවන රටාවක් මවාපා ඇත.