Home Local News Room : ක‍්‍රීඩා ලොක්කෙක් ඉල්ලා අස්වෙයි… ලිපිය බාර දෙයි! ~

News Room : ක‍්‍රීඩා ලොක්කෙක් ඉල්ලා අස්වෙයි… ලිපිය බාර දෙයි! ~

1
0

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් පරිපාලන රටාව පිළිබඳව පවතින දැඩි නොසතුට හේතුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ධූරය දැරූ සුනිල් ජයවීර මහතා සිය තනතුරෙන් අයින් වීමට තීරණය කර ඇත. 

ඒ මහතා විසින් අත්සන් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය එම ආයතනයේ සභාපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

මලල ක්‍රීඩා ආයතනයේ (හිටපු මලල ක්‍රීඩා සංගමය) පෙරකාලීන සභාපතිවරයකු ද වන ජයවීර මහතා දැරූ මෙම විධායක නිලධාරී තනතුර, වත්මන් පාලක මණ්ඩලය විසින් මෑතකදී අලුතින්ම හඳුන්වා දුන් එකකි. 

පසුගිය මාර්තු මස 12 වැනිදා පැවැති නිලවරණයෙන් (2026 – 28 නිල කාලය සඳහා) බලයට පත් වූ මෙම නව විධායක සභාව තුළ මේ වන විට බිඳවැටීම් කිහිපයක්ම වී තිබේ.

ඉන් පළමුවැන්න ලෙස පසුගිය අප්‍රේල් 12 වැනිදා එහි ප්‍රධාන ලේකම් මාධව සෙනරත් බණ්ඩාර මහතා පෞද්ගලික හේතු මත ඉල්ලා අස් වූ අතර, වත්මන් උප සභාපතිවරයකු වන ජයන්ත සියමුදලි මහතා ද සිය ධූරයෙන් අයින් වීමේ ලිපිය මේ වන විටත් යොමු කර ඇති බව අනාවරණය වේ. 

මේ අතර, වත්මන් විධායක සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙකු ජාතික ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස තනතුරුවල රැඳී සිටින බවට චෝදනා කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත විධිමත් පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත.

අදාළ මුදල් ගෙවා සිදුකර ඇති මෙම අභියාචනය මඟින් පෙන්වා දී ඇත්තේ, මලල ක්‍රීඩා පුහුණුකරුවන් සහ විනිසුරුවන් ලෙස සක්‍රියව කටයුතු කරන පුද්ගලයන් මෙලෙස පාලක මණ්ඩලයේ නිලතල දැරීම ජාතික ක්‍රීඩා නීතියට පටහැනි බවයි.

 

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here