Home Local News Room : පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල්… මහ මොළකරු අල්ලන්න හතර...

News Room : පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල්… මහ මොළකරු අල්ලන්න හතර වරක් සේවා දිගු අරන්…! ~

0
0
හිටපු අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුවීම් මාලාව පදනම් කරගෙන කතෝලික සභාවේ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා වෙත ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළේය.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකළේය.

“පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. කාදිනල් හිමි 2022 නොවැම්බර් 15 වැනිදා විශ්‍රාම යෑමට තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පිරිසක් නීතීය හමුවට ගෙන ඒමට මම තනතුර දැරිය යුතු යැයි වතිකානුවට දැනුම්දීලා කාදිනල් හිමි අවස්ථා 04කදී සේවා දිගු ලබාගෙන තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි. එසේ නම් මෙම ප්‍රහාරයේ වගකීම කාදිනල් හිමිට පවරන්නේ නැත්තේ ඇයි?

2021 ඔක්තෝබර් 13 වැනිදා සිදුකළ සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සලේ කියලා සිරිල් ගාමිණී පියතුමා කියනවා එය සිදුකළේ කුමන සාක්ෂියක් මතද?

පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බලකරන විපක්ෂයේ පිරිස කවුද?

සුරේෂ් සලේ සිය දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබාදිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කළා. සැකකරුවෙකුට එවැනි බලකිරීමක් සිදුකිරීම නීතිවිරෝධී බව දන්නෙහිද?

රහස් පොලිසිය සලේට අමානුෂික ලෙස සලකා ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හා මානව හිමිකම් වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. එම අමානුෂික සැලකිලි සම්බන්ධයෙන් අප හඬ නගන විට ඔබතුමා එය සාධාරණීකරණය කරමින් ප්‍රකාශ සිදුකිරීම සාධාරණද?

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනාවට ලක්වීම නිසා ගෝඨාභය රජපක්ෂ ආණ්ඩුව ශානි තනතුරින් ඉවත්කළ බව දැන දැනත් යළි ඔහු එම තනතුරේ පිහිටුවන ලෙස සිදුකළ ඉල්ලීම හරහා නැවත පරීක්ෂණ භාරදෙන්නේ චුදිතයෙකුට බව දැන සිටියාද?

ශානි සහ රවීට නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබියදී ඔවුන්ටම එම තනතුරු ලබාදීමට බලකිරීමෙන් සැඟවිය යුත්තක් තිබුණේද?

එකිනෙකට පරස්පර ඉල්ලිම් සිදුකළ බව පිළිගන්නවාද?

වරින්වර මහ මොළකරු මාරුකිරීමට බලපෑ හේතු මොනවාද?

අබුහින්ද් මහමොළකරු බවට වූ තොරතුරු විමර්ශනවලට ලබාදුන්නාද?”

යන ප්‍රශ්න හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, සිරිල් ගාමිණී පියතුමා වෙත යොමු කළ අතර ඊට පිළිතුරු ලබා නොදුනහොත් ඉදිරි ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දිගින් දිගටම එම ප්‍රශ්න පියතුමා වෙත යොමු කරන ලෙස ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

-emanisa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here