එය නිකුත් කර ඇත්තේ 2023 ජූලි මාසයේදීය. එහි සඳහන් වන ආකාරයට 2022 වර්ෂය අවසානයේ වාර්තා වූ රජයේ මුළු වගකීම් ප්‍රමාණය රු. බිලියන 27,281. 161කි. මුළු වත්කම් ප්‍රමාණය රු. බිලියන 4,803. 799කි. එනම්: වත්කම් සහ වගකීම් අතර වෙනස රු. බිලියන 22,477. 362කි.
එසේම මේ සමාලෝචිත වර්ෂය තුළදී තැන්පතු හා වගකීම්වල ශුද්ධ වෙනස් වීම් ලෙස රු. 294,583,038,486ක් ඒකාබද්ධ අරමුදලින් ඉවත් කිරීමක් ලෙස සටහන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (1) ව්‍යවස්ථාව සමඟ ගැටෙන බව ද අදාළ වාර්තාවේ දක්වා ඇත.
අදාළ විගණන වාර්තාවේ සඳහන් මේ කරුණට සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (1) වගන්තිය මෙසේය:
‘මේ ව්‍යවස්ථාවේ (3) අනුව්‍යවස්ථාවේ සහ (4) අනුව්‍යවස්ථාවේ ප්රකාශිතවම විධිවිධාන සලසා ඇති පරිදි හැර මුදල් විෂය භාර ඇමැතිවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක අධිකාරය අනුව මිස ඒකාබද්ධ අරමුදලෙන් කිසිම මුදලක් ඉවත්කර ගත නොහැක්කේය.’
මෙසේ අදාළ වාර්තාවේ සඳහන් වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් රජයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කර ඇතත්, ඊට අදාළ ව කිසිදු පියවරක් ගෙන නැත. අදාළ වාර්තාවට අනුව සමාලෝචිත වර්ෂය තුළ ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රු. මිලියන 11,700.6කි.
වර්ෂය තුළ ආපසු ගෙවන ලද ණය වාරිකවල වටිනාකම රු. මිලියන 348,629ක් වුවද, මූල්‍ය කාර්යසාධන ප්රකාශනයට අනුව එය රු. මිලියන 358,504ක් ලෙස සටහන් විය. එනම් රු. මිලියන 9,874ක වෙනසක් නිරීක්ෂණය විය. 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය නොවන වත්කම්වල මුළු වටිනාකම රු. මිලියන 1,850,007ක් වුවද, 2022 ජනවාරි 01 දිනට එම වටිනාකම රු. මිලියන 1,802,121ක් ලෙස ආරම්භක ශේෂය රු. මිලියන 47,886ක් අඩුවෙන් දක්වා තිබිණි.
එසේම, මේ වාර්තාවේ සඳහන් තවත් වැදගත් කරුණක් වන්නේ ‘මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විසින් සිදුකළ යුතු නියැදි පරීක්ෂාවක් මත ලබාගත් තොරතුරු අනුව 2022 වර්ෂය තුළදී මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ව්‍යාපෘති 20ක් සඳහා රු. 1,837,321,420ක් විදේශ ප්‍රදාන ඍජුවම ලබාගෙන මූල්‍ය ප්රකාශනවලට ඇතුළත් කර තිබුණේ නැත.’ යනුවෙන් සඳහන් වීම ය.
(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)