Home Local News Room : මා ලක්ෂපතියෙක් කළ ගම්මිරිස් අස්වැන්න මිලට ගත්තේ බිබිලේ පියසේන...

News Room : මා ලක්ෂපතියෙක් කළ ගම්මිරිස් අස්වැන්න මිලට ගත්තේ බිබිලේ පියසේන මාමා…! – ඇමති සමන්ත විද්‍යාරත්න ~

0
0

නිසි කළමනාකරණයෙන් යුතුව ගම්මිරිස් වගා කිරීමෙන් ලක්ෂ ගණනක ආදායමක් උපයා ගත හැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

පසුගිය කන්නයේදී සිය රිදීමාලියැද්ද වතුයායෙන් ගෝනි ගණනාවක සාර්ථක ගම්මිරිස් අස්වැන්නක් ලබාගත් බවත් එමඟින් ලක්ෂ ගණනක ආදායමක් හිමිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, ගිය වර තමන් ලබාගත් ගම්මිරිස් අස්වැන්න බිබිලේ පියසේන මාමා සිය රථයෙන් නිවසටම පැමිණ මිලදී ගත් බවයි.

මෙවරද එවැනිම සාර්ථක අස්වැන්නක් සහ ආදායමක් අපේක්ෂා කරන බවත්, ජනතාවට තම ඉඩම් නිකරුණේ තැබීමෙන් තොරව නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

රජය විසින් ඉඩම් දීමනා පත්‍ර ලබාදීමෙන් පමණක් නොනැවතී, ඒවා පූර්ණ අයිතිය සහිත සින්නක්කර ඔප්පු දක්වා ගෙනයාමේ විප්ලවීය ගමනක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

මහියංගනය ප්‍රදේශයේදී එකවර බලපත්‍ර 10,000ක් ලබාදීමේ වැඩපිළිවෙළ ලංකා ඉතිහාසයේ මෙවැනි කාර්යයක් සිදුවන ප්‍රථම අවස්ථාව බවද ඔහු පෙන්වා දුන්නේය. රටේ සංවර්ධන කටයුතු සහ වැඩ කරන ජනතාව වෙනුවෙන් රජය ගන්නා පියවර හමුවේ විවිධ විවේචන එල්ල වුවද, තම රජය දුප්පත් ජනතාව සහ ගොවි ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here