Home Local News Room : තමා හා දරුවන් පසුපස නාඳුනන අයෙක් ලුහුබඳින බවට සලේගේ...

News Room : තමා හා දරුවන් පසුපස නාඳුනන අයෙක් ලුහුබඳින බවට සලේගේ බිරියගෙන් පැමිණිල්ලක්! ~

0
0
සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින, සිවිල් ඇඳුමින් සැරසුණු, සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව නැවත නැවතත් නිරීක්ෂණය කරන බව පවසමින් ය.

ඒ අනුව, ඊයේ දින සිය 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා ඔවුන්ගේ පියාගේ සුවදුක් විමසීමට ජාතික රෝහලට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා දරුවන් පසුපස ගොස් ඔහුගේ ජංගම දුරකථනයෙන් ළමයින්ගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

එසේම, මීට පෙරත් ජාතික රෝහල අසළ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසළ ඔහු ගැවසෙන අයුරු නිරීක්ෂණය කර ඇති බවද ඇය පවසයි.

එවන් තත්ත්වයක් තුළ මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගන්නා ලෙසත්, එවැනි ක්‍රියා සිදුකළේ කාගේ උපදෙස් යටතේද යන්න තහවුරු කරගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියෙන් ඉල්ලා සිටියි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here