ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ රහසිගතව පවත්වාගෙන ගිය බව කියන ‘ගන්සයිඩ්’ භූගත වධකාගාරය සම්බන්ධ විමර්ශන කඩිනම් කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) තදින්ම නියෝග කර තිබේ.
ඒ අනුව, එහි ප්‍රගතිය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් දින 3ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.
පසුගිය යුද සමයේ සහ ඉන් අනතුරුව තරුණයන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් පැහැරගෙන ගොස්, මෙම රහස් භූගත සිරමැදිරි තුළ සිරකර තබා අමානුෂික ලෙස වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් CIDය දීර්ඝ කාලයක සිට පරීක්ෂණ පවත්වයි.
සිද්ධියේ බරපතලකම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා පසුගිය 17 වැනිදා මෙම භූගත කඳවුර වෙත ගොස් සෘජුවම ස්ථානීය පරීක්ෂණයක නිරත විය.
ඉදිරි ප්‍රගති වාර්තාව ඉදිරිපත් කිරීමේදී, එම ස්ථානයේ වත්මන් තත්ත්වය සනාථ කෙරෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප ද අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.
මේ පුවත තව අයට බලන්න







