Home Local News Room : සුරේෂ් සලේගේ පරිගණක දත්ත ලබාගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් –...

News Room : සුරේෂ් සලේගේ පරිගණක දත්ත ලබාගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – දයාසිරි ජයසේකර ~

0
0
හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සලේගේ පරිගණකයේ මුරපද (password) ලබාගැනීමට දරන උත්සාහය, ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධ සියලු බුද්ධිමය තොරතුරු ලෝකයට විවෘත කිරීමේ වැඩපිළිවෙළක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. 

මහනුවර පැවති හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. කෙසේ වෙතත්, බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලසීමාවේදී දේශීය යුධ ඉතිහාසයට වැදගත් වූ රහසිගත තොරතුරු රැසක් ඔහුගේ පරිගණකයේ ගබඩා වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. තමිල් සෙල්වම් ඇතුළු එල්.ටී.ටී.ඊ. නායකයන් ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුම් සඳහා ලැබුණු බුද්ධි තොරතුරු සහ දිගදුර විහිදුම් බලකායේ ක්‍රියාන්විතයන් මූලික වූයේ එම තොරතුරු මත බව ඔහු සිහිපත් කරයි.

එම පරිගණකයේ මුරපද ලබාගෙන දත්ත විවෘත කිරීම මගින් මෙරට යුද ජයග්‍රහණයට සම්බන්ධ වූ සුවිශේෂී බුද්ධිමය කාරණා ජාත්‍යන්තරයට හෙළිදරව් වීමේ අවදානමක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here