Home Local News Room : විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජාත්‍යන්තර විරෝධයක්: පොදු රාජ්‍ය...

News Room : විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජාත්‍යන්තර විරෝධයක්: පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක් ~ Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news

0
0

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහය පළ කර තිබේ. මේ පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය නොකරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.අවිධිමත් ලෙස හෝ කඩින් කඩ ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙසත් අදාළ පාර්ශවයන්ගෙන් උපදෙස් සහ සහභාගීත්වය ලබා ගන්නා ලෙසත් සිය ප්‍රකාශය මගින් ඉල්ලා තිබේ.එමෙන් ම, අධිකරණය පිළිබඳව ඇති විශ්වාසය සහ ස්වාධීනත්වයට හානි වන ආකාරයෙන් පියවරවලින් වළකින ලෙසත් නීතියේ විධානය ආරක්ෂා කිරීමට සහ අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිට පවතින අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවුරුදු 63 සීමාවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවුරුදු 65 සීමාවත් අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැයි 25 වන දා ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි.කෙසේ වෙතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම සඳහා මෙතෙක් රජය තුළ සාකච්ඡාවක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ජුනි 9 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here