Home Local News Room : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප්...

News Room : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

1
0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මෑතකදී අත්අඩංගුවට ගෙන සිටි 24 හැවිරිදි දෙමළ හිප්-හොප් ශිල්පි සංගීත්සන් ගනේෂ්කුමාර් (Hiphop Sangee) නිදහස් කිරීම සාදරයෙන් සමරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ මෙම කලාකරුවා නිදහස් කිරීමට ගත් තීරණය පිටුපස ඇති දේශපාලනය පිළිබඳව තමන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බවය.“මම මේ තීරණය පිටුපස තියෙන දේශපාලනය ගැන අදහස් දක්වන්න යන්නේ නැහැ. වැදගත් වෙන්නේ තරුණ කලාකරුවෙකු වන සංගීත්සන් නිදහස් වී නැවත ඔහුගේ පවුලේ අය සමඟ එකතු වීමයි. එය දැකීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.” යැයි ඔහු පවසා ඇත.මෙම කලාකරුවාට සුබ පැතුම් එක්කර ඇති රාජපක්ෂ, ඔහු සිය දක්ෂතා සහ අභිලාෂයන් ධනාත්මක මෙන්ම අර්ථවත් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර තිබේ.මෙම දෙමළ රැප් සහ ගායන ශිල්පියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් අන්තර්ගතයන් මඟින් එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය හෝ උත්කර්ෂයට නැංවූ බවට එල්ල වූ චෝදනා මතය.-lankasara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here