Home Local News Room : Breaking News : යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට! ~

News Room : Breaking News : යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට! ~

0
0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ  මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි කර ඇති බවට නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේ.

යෝෂිත රාජපක්ෂ මහතා 2006 අංක 05 දරණ මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදු කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති හෙයින් නීතිපතිතුමාගේ උපදෙස් පරිදි යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සඳහා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කරන්නේ.

කරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 03 වනදා  ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් පැය කිහිපයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here