එල්.ටී.ටී.ඊ.
ත්රස්තවාදය
මෙරටින් සහමුලින්ම තුරන් කර
වසර 17ක්
සපිරෙන අවස්ථාවක,
එම
සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ
ප්රභාකරන්ගේ රුවට සමාන රූප
රැගත් පෝස්ටර් වගයක් පුත්තලම
නගරයේ ප්රසිද්ධ ස්ථාන කිහිපයකම
අලවා තිබී ඇත.
(20)
වැනිදා
අලුයම් කාලයේදී කිසියම්
පිරිසක් විසින් පුත්තලම බස්
නැවතුම්පොළ ඇතුළු ස්ථාන
කිහිපයක මෙම පෝස්ටර් අලවා
තිබෙනු දක්නට ලැබුණි.
ප්රදේශවාසීන්
විසින් මේ පිළිබඳව පුත්තලම
මූලස්ථාන පොලිසිය වෙත වහාම
තොරතුරු වාර්තා කිරීමට පියවර
ගෙන තිබේ.
ඉන්
අනතුරුව ක්රියාත්මක වූ පොලිස්
නිලධාරීන් කණ්ඩායමක් නගරය
පුරා විසිරී තිබූ එම පෝස්ටර්
ගලවා ඉවත් කිරීමට කටයුතු කර
ඇත.
මේ
වනවිට සිද්ධියට සම්බන්ධ
සැකකරුවන් හඳුනා ගැනීම සඳහා
පොලිස් විමර්ශන පුළුල් මට්ටමින්
ආරම්භ කර තිබේ.
ආරක්ෂක
අංශ සඳහන් කරන ආකාරයට,
අදාළ
පිරිස කොටුකර ගැනීම සඳහා නගරයේ
ස්ථාපිත කර ඇති ආරක්ෂිත කැමරා
(CCTV)
දර්ශන
පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.