Home Local News Room : ප‍්‍රභාකරන්ගේ පෝස්ටර් තාප්පවල අලවයි…

News Room : ප‍්‍රභාකරන්ගේ පෝස්ටර් තාප්පවල අලවයි…

4
0

 එල්.ටී.ටී..
ත්‍රස්තවාදය
මෙරටින් සහමුලින්ම තුරන් කර
වසර
17ක්
සපිරෙන අවස්ථාවක
,
එම
සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ
ප්‍රභාකරන්ගේ රුවට සමාන රූප
රැගත් පෝස්ටර් වගයක් පුත්තලම
නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකම
අලවා තිබී ඇත
.

(20)
වැනිදා
අලුයම් කාලයේදී කිසියම්
පිරිසක් විසින් පුත්තලම බස්
නැවතුම්පොළ ඇතුළු ස්ථාන
කිහිපයක මෙම පෝස්ටර් අලවා
තිබෙනු දක්නට ලැබුණි
.

ප්‍රදේශවාසීන්
විසින් මේ පිළිබඳව පුත්තලම
මූලස්ථාන පොලිසිය වෙත වහාම
තොරතුරු වාර්තා කිරීමට පියවර
ගෙන තිබේ
.

ඉන්
අනතුරුව ක්‍රියාත්මක වූ පොලිස්
නිලධාරීන් කණ්ඩායමක් නගරය
පුරා විසිරී තිබූ එම පෝස්ටර්
ගලවා ඉවත් කිරීමට කටයුතු කර
ඇත
.

මේ
වනවිට සිද්ධියට සම්බන්ධ
සැකකරුවන් හඳුනා ගැනීම සඳහා
පොලිස් විමර්ශන පුළුල් මට්ටමින්
ආරම්භ කර තිබේ
.

ආරක්ෂක
අංශ සඳහන් කරන ආකාරයට
,
අදාළ
පිරිස කොටුකර ගැනීම සඳහා නගරයේ
ස්ථාපිත කර ඇති ආරක්ෂිත කැමරා
(CCTV)
දර්ශන
පරීක්ෂා කිරීමට 
පොලිසිය කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here