Home Local News Room : මුදල් ඇමතිකම ගන්නවාදැයි හර්ෂගෙන් අහයි..

News Room : මුදල් ඇමතිකම ගන්නවාදැයි හර්ෂගෙන් අහයි..

0
0

 

වර්තමාන
රජයේ මුදල් අමාත්‍ය ධුරය
භාරගන්නා ලෙස ආරාධනයක් ලැබුණහොත්
එය කිසිසේත්ම භාර ගැනීමට තමන්
සූදානම් නොමැති බව සමගි ජන
බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
හර්ෂ ද සිල්වා මහතා පවසයි
.

නෙත්
ගුවන් විදුලිය සමඟ පැවති
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්
ඒ මහතා මේ බව අවධාරණය කළේය
.

මෙහිදී
වැඩිදුරටත් අදහස් දැක්වූ
මන්ත්‍රීවරයා සඳහන් කළේ
,
තමන් මේ වන
විට රජයේ මුදල් පිළිබඳ කාරක
සභාවේ
(COPF) සභාපතිවරයා
ලෙස ඉටුකරන කාර්යභාරය ජනතාව
පිළිගෙන ඇති බවයි
.

කෙසේ
වෙතත්
, ජනතාවගේ
කැමැත්තකින් තොරව තනතුරු භාර
ගැනීමට තමන්ට හැකියාවක් නොමැති
බවත්
,
සඳහා මැතිවරණයකින් ජයග්‍රහණය
කර ජන වරමක් සහිතව පැමිණිය
යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය
.

මීට
පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප
කිරීමට හේතුව පැහැදිලි කරමින්
ඔහු කියා සිටියේ
, අදාළ
පාර්ශ්වයන් සමඟ එක්ව වැඩ
කිරීමට තමන් සූදානම් නොසිටි
බවයි
.

මට කෙටි
කාලීන ඇමති පට්ටමක් තිබුණා
කියලා ඒක මට අදාළ වෙන්නේ නැහැ
.
මම කොයි
වෙලාවෙත් හිතන්නේ රට ගැනයි

යනුවෙන්
පැවසූ හර්ෂ ද සිල්වා මහතා
,
තමන්ගේ සහ
සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ
මැතිවරණයක් ජයග්‍රහණය කර
ජනතාවගේ කැමැත්ත මත රටේ වගකීම්
භාර ගැනීම බව ද සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here