ශ්‍රී ලන්කන්
ගුවන් සමාගම විසින් ඩුබායි
හි සැපයුම්කරුවෙකු වෙත යොමු
කරන ලද රුපියල් කෝටි 8ක
මුදලක් හැකරුන් විසින් වංචා
කර ඇති බව අනාවරණය වේ.
මුදල්
ලබාගත යුතු පාර්ශවයේ විද්‍යුත්
ලිපිනය හැකරුන් විසින් අත්පත්
කරගෙන නීති විරෝධී ලෙස භාවිත
කරමින් මෙම මූල්‍ය වංචාව සිදු
කර ඇත.
මෙය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
මුදල් ඒකකය වන ඩිරාම් වලින්
ගෙවීමට නියමිතව තිබූ ආවෘත
ගනුදෙනුවක් බව වාර්තා වේ.
වරාය,
සිවිල්
ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය
අරුණ කරුණාතිලක මහතා මෙම
සිදුවීම තහවුරු කර ඇති අතර,
ඒ
පිළිබඳව කඩිනම් ප්‍රකාශයක්
සිදු කරන බව ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු
මන්ත්‍රී දයාසිරි ජයසේකර
මහතා මේ සම්බන්ධයෙන් ‘X’
පණිවිඩයක්
තබමින් මෙම වංචාව හෙළිදරව්
කර ඇති අතර,
සිද්ධිය
පිළිබඳ කඩිනම් විමර්ශනයක්
පවත්වන ලෙස රජයට බලකර තිබේ.
මූලික
පරීක්ෂණවලදී මෙම මූල්‍ය වංචාව
තහවුරු වී ඇති බව ශ්‍රීලන්කන්
ගුවන් සමාගමේ ආරංචි මාර්ග
වැඩිදුරටත් සඳහන් කරයි.







