Home Local News Room : පිටරටකට ගෙවූ තවත් කෝටි අටක් හැකර්ලා අරන්.. පරීක්‍ෂණ කරනවා..-...

News Room : පිටරටකට ගෙවූ තවත් කෝටි අටක් හැකර්ලා අරන්.. පරීක්‍ෂණ කරනවා..- ඇමති

0
0


ශ්‍රී ලන්කන්
ගුවන් සමාගම විසින් ඩුබායි
හි සැපයුම්කරුවෙකු වෙත යොමු
කරන ලද රුපියල් කෝටි
8
මුදලක් හැකරුන් විසින් වංචා
කර ඇති බව අනාවරණය වේ
.

මුදල්
ලබාගත යුතු පාර්ශවයේ විද්‍යුත්
ලිපිනය හැකරුන් විසින් අත්පත්
කරගෙන නීති විරෝධී ලෙස භාවිත
කරමින් මෙම මූල්‍ය වංචාව සිදු
කර ඇත
.

මෙය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
මුදල් ඒකකය වන ඩිරාම් වලින්
ගෙවීමට නියමිතව තිබූ ආවෘත
ගනුදෙනුවක් බව වාර්තා වේ
.

වරාය,
සිවිල්
ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය
අරුණ කරුණාතිලක මහතා මෙම
සිදුවීම තහවුරු කර ඇති අතර
,

පිළිබඳව කඩිනම් ප්‍රකාශයක්
සිදු කරන බව ප්‍රකාශ කර ඇත
.

පාර්ලිමේන්තු
මන්ත්‍රී දයාසිරි ජයසේකර
මහතා මේ සම්බන්ධයෙන්
‘X’
පණිවිඩයක්
තබමින් මෙම වංචාව හෙළිදරව්
කර ඇති අතර
,
සිද්ධිය
පිළිබඳ කඩිනම් විමර්ශනයක්
පවත්වන ලෙස රජයට බලකර තිබේ
.

මූලික
පරීක්ෂණවලදී මෙම මූල්‍ය වංචාව
තහවුරු වී ඇති බව ශ්‍රීලන්කන්
ගුවන් සමාගමේ ආරංචි මාර්ග
වැඩිදුරටත් සඳහන් කරයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here