Home Local News Room : භාණ්ඩාගාර කොල්ලයෙන් IMF තැතිගනී.. ඊළග වාරික දෙන්න පෙර සමීප...

News Room : භාණ්ඩාගාර කොල්ලයෙන් IMF තැතිගනී.. ඊළග වාරික දෙන්න පෙර සමීප නිරීක්‍ෂණයක…

0
0

 

මුදල්
අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට
සයිබර් අපරාධකරුවන් ඇතුළු
වී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ
25
මුදලක් කොල්ලකෑමේ සිදුවීම
කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලේ
(IMF)
දැඩි
අවධානය යොමුව තිබේ
.

මෙම
සිදුවීම සම්බන්ධයෙන් ‘ඩේලි
මිරර්’ පුවත්පත කළ විමසීමකට
ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයකු
සඳහන් කර ඇත්තේ
මේ
පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය
කරන බවයි
.

මුදල්
අමාත්‍යාංශයට අයත් බාහිර
සම්පත් දෙපාර්තමේන්තුවේ
පරිගණක පද්ධතියට මෙලෙස
හැකර්වරුන් ඇතුළු වී තිබේ
.
සොරකම්
කරන ලද ඩොලර් ලක්ෂ
25
මුදල ඕස්ට්‍රේලියාවට ගෙවීමට
නියමිතව තිබූ ණය වාරිකයක්
සඳහා වෙන් කර තිබූ ඒවා බව
අනාවරණය වේ
.

අදාළ
සිදුවීම සම්බන්ධයෙන් මුදල්
අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශය
පිළිබඳව තමන් දැනුවත් බවත්
,
මේ
සම්බන්ධයෙන් සිදු කෙරෙන
විමර්ශන පිළිබඳව දැඩි විමසිල්ලෙන්
පසුවන බවත්
IMF
ප්‍රකාශකයා
වැඩිදුරටත් කීය
.

මේ
අතර
,
ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලේ විස්තීර්ණ
අරමුදල් පහසුකම යටතේ වන
ප්‍රතිසංස්කරණ වැඩසටහනේ
පස්වැනි සහ හය වැනි සමාලෝචන
අවසන් කිරීම සඳහා මේ වන විට
කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට
දෙපාර්ශ්වය පැමිණ තිබේ
.

මෙම
සමාලෝචන කටයුතු විධායක මණ්ඩලය
විසින් අනුමත කළහොත් ශ්‍රී
ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන
700
පමණ මූල්‍ය පහසුකමක් ලබා
ගැනීමට අවස්ථාව හිමි වනු ඇත
.

2022
වසරේ
ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන්
මිදීම සඳහා ශ්‍රී ලංකාව දැනටමත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
සහාය ලබමින් සිටී
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here