මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කර ඇති මුදල් සයිප්‍රසය වැනි ආරක්ෂිත පරාදීසයක් (Safe Haven) වෙත ගලා ගොස් ඇති බවට අනුමාන කරන බවත් ‘දිනන දකුණ’ සංවිධානයේ ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කරයි.
මෙවැනි විශාල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී තිබියදීත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව ඒ මහතා අවධාරණය කළේය.
විශේෂයෙන්ම, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අවසන් මොහොත දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැති බව ඔහු අනාවරණය කළේය.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අග්‍රස්ථානය හිමි වන පාර්ලිමේන්තුවට පවා මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මැදිහත් වීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳව වාර්තා කර නොමැති නිසා බව ලක්තිලක මහතා පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම බරපතල තත්ත්වය පිළිබඳව රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප්’ (COPE) කමිටුව පවා මෙතෙක් දැනුවත් කර නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.







