Home Local News Room : සතයක් ගෙවන්නෑ.. නඩු දමවු.. රට වැනසූ ලාල්ට නැතිවෙන්න මොන...

News Room : සතයක් ගෙවන්නෑ.. නඩු දමවු.. රට වැනසූ ලාල්ට නැතිවෙන්න මොන නම්බුවක්ද..- හිරුගෙන් ලාල්ට සැර පහරක්..

0
0

 

ඒෂියා
බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන්
(පුද්ගලික)
සමාගම (හිරු
ටීවී
) විසින්
පසුගියදා විකාශය කරන ලද පුවතක්
සම්බන්ධයෙන් ඉදිරිපත් වූ
එන්තරවාසියකට පිළිතුරු දෙමින්
,
එම පුවතේ
වූ තාක්ෂණික දෝෂ නිවැරදි කර
ඇති බවත්
, අදාළ
පාර්ශවයට කිසිදු ද්වේෂසහගත
චේතනාවකින් තොරව එම වාර්තාකරණය
සිදු කළ බවත් එම ආයතනය අවධාරණය
කරයි
.

සුදත්
පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ
සමාගම මගින් යොමු කරන ලද
ලිපියක් මගින් දන්වා ඇත්තේ
අප්‍රේල්
16 වන
දින විකාශය වූ පුවතේ වත්කම්
හා බැරකම් ප්‍රකාශයට අදාළ
සංඛ්‍යාලේඛනවල ගණනය කිරීමේ
දෝෂයක් සිදුව ඇති බව හඳුනාගෙන
තිබේ
.
අනුව වහාම ක්‍රියාත්මක වූ
මාධ්‍ය ආයතනය අප්‍රේල්
18
වන දින සියලුම
මාධ්‍ය ජාලයන් ඔස්සේ
(හිරු
TV, හිරු
FM, ෂා
FM ඇතුළු
සමාජ මාධ්‍ය ජාල
) එම
වැරදි නිවැරදි කර ප්‍රසිද්ධියට
පත් කර ඇති 
බවය
.

මෙම
මාධ්‍ය වාර්තාකරණය මගින්
කිසිදු පුද්ගලයෙකුට අපහාස
කිරීමේ හෝ හානියක් කිරීමේ
අදහසක් නොතිබූ බවත්
,
සිදුවූ
අතපසුවීම සම්බන්ධයෙන් දැනගත්
වහාම ස්වේච්ඡාවෙන්ම සමාව
අයදිමින් එම වැරදි නිවැරදි
කිරීමට පියවර ගත් බවත් නීතිඥවරයා
මගින් දැනුම් දී ඇත
.
එබැවින්
එන්තරවාසිය මගින් ඉල්ලා ඇති
වන්දි මුදල් ගෙවීමට තම සේවාදායකයා
බැඳී නොමැති බව එම ආයතනය
වැඩිදුරටත් සඳහන් කරයි
.

2023 අංක
09 දරන
දූෂණ විරෝධී පනතට අනුව ලාල්කාන්ත
මහතා ඉදිරිපත් කර ඇති වත්කම්
හා බැරකම් ප්‍රකාශය නීත්‍යානුකූල
නොවන බවත්
, එහි
බරපතළ දෝෂ පවතින බවත් නීතිඥවරු
පෙන්වා දෙති
.

අමාත්‍යවරයා
ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති
පරිදි පොදු දේපළවලට හානි කිරීම
සහ ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම
වැනි ක්‍රියාවලට සම්බන්ධ වී
ඇති බැවින්
, ඔහුට
හානි වීමට තරම්
කීර්තිනාමයක්
නොමැති
පුද්ගලයෙකු බව අධිකරණය ඉදිරියේ
තහවුරු කරන බව ලිපිය මඟින්
අවධාරණය කර ඇත
.

තම
ආයතනයේ විකාශන අයිතියට බාධා
කිරීමට දරන ඕනෑම උත්සාහයකට
එරෙහිව නීතිමය පියවර ගන්නා
බවත්
, අනිවාර්ය
ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය
කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට
එරෙහිව කටයුතු කරන බවත් එම
ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා
තිබේ
.

තවද,
මාධ්‍ය නිදහස
සහ බලපත්‍ර කොන්දේසිවලට
පටහැනිව කටයුතු කිරීමට දරන
ඕනෑම උත්සාහයකට එරෙහිව දැඩිව
පෙනී සිටින බවද හිරු මාධ්‍ය
ජාලය නියෝජනය කරන නීතිඥ සමාගම
අවධාරණය කරයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here